හොලිවුඩ් නිළියන්ට වඩා සුන්දර බොලිවුඩ් නිළියන් 6 දෙනා මෙන්න !

හොලිවුඩ් නිළියන්ට වඩා සුන්දර බොලිවුඩ් නිළියන් 6 දෙනා මෙන්න !
Spread the love

හොලිවුඩය ලෝකයේ සුපිරිම හා දැවැන්තම සිනමාව බවට විවාදයක් නැත. හොලිවුඩ් චිත්‍රපට සේම හොලිවුඩ් නළු නිළියන් ද සුපිරි වන අතර රංගනයට පිවිස සිටින ඕනෑම කෙනකුගේ සිහිනය ද හොලිවුඩය ජය ගැනීම බවට විවාදයක් නැත.

එහෙත් මේ වන විට බොලිවුඩය ද හොලිවුඩයට තරගයක් දීමට තරම් ශක්තිමත් වී ඇත. බොලිවුඩ් චිත්‍රපට සේම බොලිවුඩ් නළු – නිළියන් ද මේ වන විට ‘සුපිරි‘ තත්ත්වයට පැමිණ ඇති අතර ඔවුහු සිනමා ලෝකයේ දැවැන්තයෝ බවට පත්ව සිටිති.

මෙහිදී ජාත්‍යන්තර අවධානය වැඩි වශයෙන් බොලිවුඩ් චිත්‍රපටවලට, නළුවන්ට වඩා බොලිවුඩ් නිළියන් කෙරේ යොමු වී ඇති. සුපිරි සුරූපිනියන් වන බොලිවුඩ් තරු රැසක් ලෝක රූ රැජිණන්, විශ්ව රූ රැජිණන් වන අතර හොලිවුඩයට එවැනි වාසියක් නැත.

මේ තත්ත්වය තුළ පසුගිය දා හොලිවුඩ් නිළියන්ට අභියෝග කළ හැකි, නැතහොත් හොලිවුඩ් නිළියන්ට වඩා ‘ලස්සන‘ බොලිවුඩ් නිළියන් කවුද යන්න ගැන ජාත්‍යන්තර වශයෙන් වාදයක් (සමාජමාධ්‍ය) තිබුණේය. එහිදී බොහෝ පිරිසක් ‘නිර්භීත‘ ලෙස පවසා සිටියේ ‘හොලිවුඩ් නිළියන්ට වඩා සුන්දර බොලිවුඩ් නිළියන් රැසක් සිටින බව‘යි.

ඉතිං මෙහි පහත පළ වන්නේ අන්තර්ජාලය ඔස්සේ සිදු වුණ පාඨක සමීක්ෂණය අනුව ජයග්‍රහණය කළ ‘හොලිවුඩ් නිළියන්ට වඩා සුන්දර බොලිවුඩ් නිළියන් ‘06 දෙනකා ගැනයි.

කියවා බලන්න ඔබටත් එයට එකග විය හැකි ද කියා.

1. ක්‍රිති සනොන් – Kriti Sanon

ක්‍රිති සනොන් යනු හින්දි සිනමාවේ වැඩිපුරම ප්‍රසිද්ධ නිළියකි. ඇය 2014 දී එළිදැක්වූ ‘හෙරොපන්ති Heropanti‘ චිත්‍රපටයේ හොඳම කාන්තා රංගනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත්තාය. වඩාත් මෑතකදී ඇය 2019 දී ‘ස්ටාර් ස්ක්‍රීන් Star Screen Awards‘ සම්මාන දිනා ගත්තේ ‘ ලූකා චුපි Luka Chuppi, චිත්‍රපටයේ රඟපෑම සඳහාය.  ක්‍රිති නිරූපිකාවක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ නමුත් ඇය ඉංජිනේරු උපාධියක් ද ලබා ඇත. ඇය සුන්දරත්වය… දක්ෂතාවය සහ උසස්ම වෘත්තීය අධ්‍යාපනය ද සපුරා ඇති අති දක්ෂ නිළියකි.

ක්‍රිති සනොන් |  ඕනෑම හොලිවුඩ් තරුවකට වඩා ලස්සන බොලිවුඩ් නිළියන් 6 ක් |  සෙස්ට්‍රඩාර්

2. කයාරා අද්වානි Kiara Advani

කයාරාගේ සිනමා ජීවිතයේ ආරම්භය එකවරම සාර්ථක නොවීය. ඇය 2014 දී කළ පළමු චිත්‍රපටය ‘ෆුග්ලි Fugly ‘ එතරම් සාර්ථක නොවීය. නමුත් ඇය උත්සාහය අත් නොහැර දිගටම උත්සාහ කළාය. සාර්ථකත්වය ඇය වෙත පැමිණියේ මෑතකදීය. 2018 දී ඇයට Bharat Ane Nenu, නම් දේශපාලන නාට්‍යයක චරිතයක් ලැබුණි. 2019 දී ඇය ගුඩ් නිව්ස් Good Newwz නම් ප්‍රහසන චිත්‍රපටයක ද රඟපෑ අතර එහිදී ඇය සාර්ථකත්වය අත්කර ගත්තාය.

කයාරා අද්වානි |  ඕනෑම හොලිවුඩ් තරුවකට වඩා ලස්සන බොලිවුඩ් නිළියන් 6 ක් |  සෙස්ට්‍රඩාර්

3. ශ්‍රද්ධා කපූර් – Shraddha Kapoor

ශ්‍රද්ධා කපූර් යනු ඉන්දියාවේ ජනප්‍රියම හා හොඳ වැටුප් ලබන නිළියකි. ඇය ගායිකාවක් ද වේ. ශ්‍රද්ධා සිය වෘත්තිය ආරම්භ කළේ සොරකම් කළ චිත්‍රපටයක ( heist movie) චරිතයක් සමඟිනි. එහෙත් ඉතා කෙටි කාලයකින් ඇය සාර්ථකත්වය අත්පත් කර ගත්තාය. ඇය ඉහළම වැටුපක් ලබන ආසියානු සිනමා තාරකාවන් (වසය අවුරුදු 30ට අඩු) 30 දෙනාගේ ‘ආසියානු ෆෝබ්ස්  Asian Forbes ‘ ලැයිස්තුවට ඇතුළත් වී ඇති අතර එය නියත වශයෙන්ම ජයග්‍රහණයකි. මේ ශ්‍රද්ධා ඇදහිය නොහැකි තරම් ලස්සන බව ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකිය.

ශ්‍රද්ධා කපූර් |  ඕනෑම හොලිවුඩ් තරුවකට වඩා ලස්සන බොලිවුඩ් නිළියන් 6 ක් |  සෙස්ට්‍රඩාර්

4. ආලියා භට් – Alia Bhatt

ආලියා යනු ෆිල්ම් ෆෙයාර් සම්මාන 4 ක් දිනාගත් ෆෝබ්ස් ලැයිස්තුවේ කැපී පෙනෙන ඉන්දියානු නිළියකි. ඇයට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබී ඇති නමුත් ඇය වැඩිපුරම කරන්නේ හින්දි චිත්‍රපටයි. ඇය රඟපෑම ආරම්භ කළේ ඇය කුඩා අවදියේදීය. ඇගේ පළමු සිනමා රංගනය 1999 දී සිදු වූයේ ඇයට වයස අවුරුදු 6 දී ය. එතැන් පටන් ඇගේ දක්ෂතාවය වර්ධනය වී ඇති අතර ආලියා ඉතා සුන්දර හා සුවිශේෂී දක්ෂ තරුණියක් බවට පත්විය.

ආලියා භට් |  ඕනෑම හොලිවුඩ් තරුවකට වඩා ලස්සන බොලිවුඩ් නිළියන් 6 ක් |  සෙස්ට්‍රඩාර්

5. කන්ගනා රනාත් – Kangana Ranaut

කන්ගනා රනාත් යනු හින්දි සිනමාවේ සිය වෘත්තිය සඳහා ප්‍රසිද්ධ වූ අති සුන්දර හා දක්ෂ නිළියකි. වෛද්‍යවරියකි. ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරක් සහ ජාතික චිත්‍රපට සම්මාන තුනක් ඇතුළුව ඇය කළ සේවය වෙනුවෙන් සම්මාන කිහිපයක් දිනා ඇත. එබැවින් ඇගේ දක්ෂතාවය කිසිවෙකු ප්‍රශ්න නොකරන දෙයක් නොවේ. 2020 දී ඇයට පද්ම ශ්‍රී සම්මානයක් පවා හිමිවිය. එය ඉන්දියානු කලාවට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් අයට ඉන්දීය රජය විසින් පිරිනමනු ලබන සම්මානයකි. ‘මම වෛද්‍යවරියක් බවට පත්වූයේ මගේ දෙමව්පියන් ඒ සඳහා මට බලපෑම් කළ නිසා යැයි‘ ඇය කියයි.

කන්ගනා රනාත් |  ඕනෑම හොලිවුඩ් තරුවකට වඩා ලස්සන බොලිවුඩ් නිළියන් 6 ක් |  සෙස්ට්‍රඩාර්

6. දීපිකා පදුකෝන්– Deepika Padukone

දීපිකා යනු ඉන්දියාවේ ජාතික වස්තුවකි. ඇය නූතන ඉන්දියානු සිනමාවේ වඩාත්ම ජනප්‍රිය හා හොඳ වැටුප් ලබන නිළියක් පමණක් නොව, ඇය සාමාන්‍යයෙන් ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය හා බලගතු පුද්ගලයෙකි. ඇය නිළියක්, චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ සෑම තැනකම සිටින ආකර්ෂණීය කාන්තාවකි. දීපිකා උපත ලැබුවේ කෝපන්හේගන්හි ය. එහෙත් ඇගේ දෙමව්පියන් බැංගලෝරයට ගියේ ඇයට වයස අවුරුදු 1 දී ය. එබැවින් ඇය හැදී වැඩුණේ ඉන්දියාවේ ය. කුඩා කාලයේ ඇය තරමක් ලැජ්ජාශීලී, සමාජීය වශයෙන් අමුතු දැරියක් වූ බව කියවේ. ඇය බොහෝ මිතුරන් නොසිටි බව ද තවත් කතාවකි. එහෙත් අද ඇය සිටින තත්ත්වය අනුව ඒවා විශ්වාස කිරීම පවා දුෂ්කර ය. නමුත් දැන් ඇය දෙස බලන්න… ඇයට ඕනෑම හොලිවුඩ් නිළියක් පහසුවෙන් පරාජය කළ හැකිය.

දීපිකා පදුකෝන් |  ඕනෑම හොලිවුඩ් තරුවකට වඩා ලස්සන බොලිවුඩ් නිළියන් 6 ක් |  සෙස්ට්‍රඩාර්

zestradar.com ඇසුරිණි – සැකසුම – තුෂාධවි