ඇතැම් ප්‍රදේශවල අහඹු PCR පරීක්ෂණවලදී 25% දක්වා කොරෝනා ආසාදිතයන්

ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී 8% සිට 25% දක්වා කොරෝනා ආසාදිතයන් වාර්තා වන තත්ත්වය හමුවේ මුළු රටම ලොක්ඩවුන් කිරීමට නොහැකි නම් අඩුම තරමින් පළාත් අතර උපරිම සංචරණ සීමා පනවමින් හෝ ජනතාව ආරක්ෂා කරගැනීමට රජය වහාම පියවර ගත යුතු…
ඉන්දියාව නොමිලේ දුන් ‘අස්ට්‍රාසෙනිකා’ දැන් කළුනික වගේ !

ඉන්දිය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා. මෙහිදී…
ආසාදිතයින් වැඩි වුවහොත් නිවෙස්වලත් රැඳවීමට  උපදෙස් මාලාවත් සූදානම්

ඉදිරි දිනවලදී කොවිඩ්-19 ආසාදිතයන් හමුවීම ප්‍රමාණාත්මකව වැඩි වුවහොත් සමහරුන් නිවෙස්වලත් රැඳවීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (07) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය, ‘ආසාදිතයින් එසේ නිවෙස්වල රැඳවීමට…
ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන 10,089ට අන්‍යාගමික සිද්ධස්ථාන 12,148ක් !

ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පිළිබඳව බොහෝ අය  කතාබහ කළ ද  ශ්‍රී ලංකාවේ ගොඩනගා ඇති පූජනීය ස්ථාන 20,000කට ආසන්න සංඛ්‍යාවෙන් බෞද්ධ විහාර 10,089ක්, හින්දු කෝවිල් 7,630ක්, ක්‍රිස්තියානි දේවස්ථාන 2,066ක් සහ මුස්ලිම් දේවස්ථාන 2,452ක් ඇති බව හැමෝම අමතක කර දමා ඇතැයි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන…
‘චීන Sinopharm’ එන්නත සඳහා අනුමැතිය ඉදිරි තෙදින තුළ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් (Tedros Adhanom) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ පැවති  සාකච්ඡාව ඵල දරයි. කොවිඩ් පාලනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ…
කොවිඩ් එන්නත ජනතාවට දීම සහ ගෙන්වීම වේගවත් කරන්න – ජනපතිගෙන් උපදෙස්

කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් ලබාදීම කළ යුතු බව දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටුව සමඟ අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා…
‘අගමැතිගෙන්’ විවෘත ආයාචනයක් !

අපි රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු යැයි රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැසීය. 2014 වර්ෂය වනවිට සැළසුම් අවසන් කර…
ආසාදිතයින්ගේ වර්ධනය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකියි

මේ වන විට දෛනිකව කොවිඩ්-19 ආසාදිතයින් 2000කට ආසන්න පිරිසක් වාර්තා වීම නිසා මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. ඔහු මෙහිදී සදහන් කළේ රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල්ගතව…
එන්නත්කරණය අයාලේ යාම ගැන ‘චන්න ජයසුමනට’ විවාදකට විවෘත අභියෝගයක්

ඊයේ දිනයේදී (06) බන්ධනාගාරය තුළදී විවිධ බාහිර පාර්ශ්වයන්ට විශාල වශයෙන් එන්නත් හොර පාරෙන් ලබාදී ඇතැයි තම සංගමයට වාර්තා වූ බව ද ඒ පිළිබඳව විධිමත් විමර්ෂණයක් කර, නිවැරදි කරුණු රටට හෙළිදරව් කරමින් එන්නත්කරණය  අයාලේ යාම නවතන ලෙස සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය…
කොවිඩ් පාලනය සදහා ආයුර්වේද රෝහල් පද්ධතිය යොදා ගැනීමට කඩිනම් කෙරේ

ඇදන් 5000කින් සමන්විත ආයුර්වේද රෝහල් පද්ධතිය කොවිඩ් රෝගය පාලනය කිරීම සදහා යොදාගැනීමට තීරණාත්මක සාකච්ඡාවක් අද (06) දින ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවේ ජනතාවට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් රෝගීන්ගේ සීග්‍ර ඉහළ යාම බරපතල ලෙස ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවසයි. වෛද්‍ය ඔලිවියා නෙවේරාස් ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිනි. එන්නත්…
තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයකට හෝ සංවරණ සීමා පනවන්න – ජාතික විද්වත් සංවිධානය

කොවිඩ් -19 වසංගතය පැතිරීමේ ස්වභාවය සැලකිල්ලට ගනිමින් මේ අවස්ථාවේදී තෝරාගත් දිස්ත්‍රීක්ක කිහිපයකවත් සංචරණය සීමා කිරීමට කටයුතු කරන්නැයි ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග පිළිබඳ විශේෂඥවරයකු වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. අබේසිංහ මහතා මේ ඉල්ලීම…
කොළඹ වරාය නගර පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (6) ලැබී ඇත.  එම තීරණය  එළඹෙන 18 වන දින කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්   පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.…
සියළු බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

කොවිඩ්-19 වසංගතය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස රට පුරා සියළු බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ බවත් මෙම මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශවලට සමගාමීව ක්‍රියාත්මක කළ යුතු බවත් සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල…
Covid-19 ව්‍යාප්තිය පාලනයට ‘රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවා’ වැඩසටහනක් වහාම ස්ථාපිත කරන්න

එවැනි “ප්‍රජා සෞඛ්‍ය සේවා” වැඩසටහනකට මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකාව අත්‍යාවශ්‍ය දෙපළකි. ඔවුන්ගේ සහායට ග්‍රාම නිලධාරීද හවුල් කළ යුතුව ඇත. ප්‍රදේශයේ කෝවිඩ් පාලනයේ වගකීම් සියල්ල ඔවුන්ට පැවරිය යුතු ය. ප්‍රදේශයේ ජනතාව ඔවුන් හැම හඳුනන්නාහ. නිවැරදි තොරතුරු ලබා ගැනීමේදී…
මාලි ජාතික කාන්තාවක් ‘දරුවන් 09දෙනෙකු’ බිහි කරයි

මාලි ජාතික 25 හැවිරිදි කාන්තාවක් දරුවන් නව දෙනෙකු බිහි කර තිබේ. ස්කෑන් පරීක්ෂණවලදී වෛද්‍යවරුන් සොයාගත් ප්‍රමාණයට වඩා දරුවන් දෙදෙනකු ඇය බිහිකර ඇත. හලීමා සිසේ මෙම දරුවන් නව දෙනා බිහි කර ඇත්තේ මොරොක්කෝවේදීය. ඇයට අවශ්‍ය විශේෂ ප්‍රතිකාර සඳහා මාලි රජය මැදිහත්…