පොල්තෙල් තොග හතරෙහිම ‘ඇෆ්ලටොක්සින්’ පිළිකා කාරක අඩංගුයි

‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට සැක සහිතව පරීක්ෂණයට බදුන් කළ පොල්තෙල් තොග හතරෙහිම ‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.  සමාගම් හතරකින් මෙරටට ආනයනය කළ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සින්’…
දේවානිගෙන් වෘත්තීය සමිතියක් !

ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ මූලිකත්වයෙන් පසුගිය 27 වැනිදා වෘත්තීය සමිතියක් පිහිටුවා ඇති අතර ඊට වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනෙහි සේවකයින් ඒකාබද්ධව වී ඇත. “පරිසරය උදෙසා රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව” නමින්…
පන්දුවාරයකට හයේ පහර 6ක් – ‘තිසර පෙරේරා’ ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉරිදා (28) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කිරීමට යුද හමුදා ක්‍රීඩා සමාජයේ තිසර පෙරේරා සමත්විය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී එම දක්ෂතාවය දැක්වීමට තිසර සමත්වීමත් සමඟ…
විවාහය තුළ ලිංගික ඌනතාවයේ බලපෑම් සහ එය ජයගත හැකි සුපිරි ක්‍රම

විවාහ යනු සංස්කෘතීන් දෙකක්, පුද්ගලයන්, පවුල්, සාරධර්ම, පුරුදු සහ ස්පර්ශ නොවන බොහෝ දේ එකට එකතු වීමයි. විවාහයක් පවත්වා ගෙන යාමේදී ඔබ තේරුම් ගත යුතු වැදගත්ම කරුණක් නම් ඒ ගැන ඕනෑවට වඩා ප්‍රකාශ නොකර එකිනෙකා තේරුම් ගැනීමයි. ආරම්භයේ දී එය දුෂ්කර කාර්යයක් සේ…
දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලු විසදා දෙන ඉල්ලා උපවාසයක්

යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ගේ හා බිරින්දෑවරුන්ගේ වැටුප් ගැටලුව විසදාදෙන ලෙස ඉල්ලා ආරක්ෂක අමාත්‍යංශය ඉදිරිපිට අද (29) දින උපවාසයක් ආරම්භ කළේය. ජඹුරේවල චන්දරතන හිමියන් හා මියගිය රණවිරු බිරින්දෑවරු හා දෙමාපියන් පිරිසක් මේ සදහා එක්ව සිටිති.
‘ඇෆලටොක්සීන් අඩංගු පොල්තෙල් ආහාරයට එක් වුණොත් අක්මාවේ පිළිකා අවදානමක්

මෙරටට ආනයනය කෙරුණු පොල්තෙල්වල ඇතැයි පැවැසෙන ‘‘ඇෆලටොක්සීන්‘‘ නමැති විෂ රසායනය ආහාරයට එක්වුවහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළ බව ලංකාදීප ඊ පුවත්පත අද (28) වාර්තා කළා. ‘මෙම කරුණ ගැන…
‘ඇඳ’ ගැන සුපිරි කතා 13ක්

ඇඳ‘ කියන්නේ අපේ ජීවිතවලට නැතිවම බැරි දෙයක්. එය ඒ තරමට අපට සමීපයි. අත්‍යවශ්‍යයි. උදාහරණයක් ලෙස දිගු ගමනකින් පසු, තමාගේම ඇඳකට නැගීමට වඩා හොඳ දෙයක් තවත් නැහැ.  ඇඳ කියන්නේ ඊටත් වඩා බොහෝ සුවිශේෂ ගෘහ භාණ්ඩයක් මේ එහි සුවිශේෂත්වය ගැන ඔබ නොදැන…
බුරුමයේ මිලේච්ඡ ඝාතන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය හෙළා දකිද්දී රුසියාව හා චීන ගොළු වෙයි

මියන්මාර හමුදාව විසින් මිලිටරි කුමන්ත්‍රණ විරෝධී විරෝධතාකරුවන් 90 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම ගෝලීය කෝපයට හේතු වී ඇති අතර රටවල් 12 ක ආරක්ෂක ඇමතිවරු විසින් මියන්මාර හමුදා පාලනය හෙළා දකිමින් බරපතළ නිවේදනයක් නිකුත් කර ඇත. ඊයේ (27) මියන්මාර හමුදාව විසින්…
ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ‘ටොම් මූඩිගෙන්’ සුපිරි සහතිකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමට නියමිත කාලය ඇතුළත ශ්‍රී ලංකා පිල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉහළටම රැගෙන යෑම තම අරමුණ බව ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතා සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ…
අවුරුදු 100ක් පුරා රූපලාවන්‍ය ප‍්‍රමිතීන් වෙනස් වූ ආකාරය ගැන සුපිරි කතාව

රූපලාවන්‍ය ප‍්‍රමිතීන් කියන්නේ බොහෝ කලාවන්ට වඩා අමුතු දෙයක්. ඒවා ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඒ කියන්නේ සිතා ගන්න බැරි තරම් වේගයෙන්. ඒත් මේ ගැන අධ්‍යයනය කළ විශේෂඥයෝ නම් කියන්නේ සාපේක්ෂක වශයෙන් මේ වෙනස්කම් දශකයකට ගොනු කළ හැකි බවයි. එයින් අදහස් වන්නේ…
ධර්මපාලතුමාගේ මග යන බව කීවත් නලින්වාදීන් යන්නේ දොන් ජුවන්ගේ පාරේ

අනගාරික ධර්මපාලතුමා ‘ස්වරාජ්‍ය පාලනය’ යන මැයින් 1911 සැප්තැම්බර් 09 දින ‘සිංහල බෞද්ධයා’‍ පුවත්පතට ලියූ ලිපියේ මෙසේ සඳහන් කළේය. ‘ශිල්ප කර්මාන්ත ඉගෙනීමට වීර්යය කළ යුතුයි. ලංකාවේ දිසාපාමොක් ආචාරීන් දැනට නැත. ශිල්ප ශාලාද නැත. මේ ශිල්ප ශාලා ඇති රටවලට ගොස් ශිල්ප කර්මාන්ත…
ජිනීවා යෝජනාව: චන්ද්‍රප්‍රේම ප්‍රවාදය සහ වාසුදේව සූත්‍රය

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය “ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ” යෝජනාව සම්මත කළාය. රාජපක්ෂ පාලනාධිකාරය පැවසුවේ එය දේශපාලනික වුවමනාකම් විසින් මෙහෙයවන ලද යෝජනාවක් බවයි. සම්මේලනය ඇමතූ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වූද, “කොළපාට සමාජයේ” කතෘ වූද…
ලෝකයේ බිහිසුණුම ගිනිකඳු ගැන සුපිරි කතා

අපේ පෘථිවියේ වත්මන් ස්වභාවයට ගිනිකඳු මගින් ඇති වුණ බලපෑම පොදුවේ සලකන්නේ ධනාත්මක එකක් විදිහටයි. ඇතැම් විට ගිනි කඳු පිපිරීම් සිදු නොවුණා නම් ලෝකය මීට වඩා බොහෝ වෙනස් විය හැකි බවටත් භූ විද්‍යාඥයින් සහතික දෙනවා. ‘එය එතරම් සුවිශේෂයි, වැදගත්’ භූ විද්‍යාඥයින්…
නව අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන අදහස් විමසන ‘ඩිජිටල් වේදිකාවක්’

ඩිජිටල් වේදිකාව” අදහස් සහ නිර්මාණශීලි යෝජනා ඉදිරිපත් කර “තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක්” සකස් කිරීමට ජනතාවට ලැබෙන අනගි අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. “රටක චින්තනය සහ දර්ශනය ගොඩනැගෙන්නේ එරට අධ්‍යාපන ක්‍රමය තුළින්. යල් පැනපු අධ්‍යාපන ක්‍රමයකින් බිහි වන්නේ නූතන ලෝකය…
අප්‍රේල් 05 – 09 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය මෙන්න !

ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී. එම තීරණයට අනුව අප්‍රේල් 05 වැනි සඳුදා විශේෂ දිනයක්…
අලි වැටත් සුදු අලියෙක් – COPA

අලි මිනිස් ගැටුම් වැලැක්වීම සඳහා වසර 2019 දී සහ වසර 2020 දී රුපියල් 49 කෝටියක් වැය කර තිබුණද අලි මිනිස් ගැටුම අවම වීමක් සිදුවී නොමැති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය. අලි මිනිස්…