ලංකාවේ ළමා අපයෝජනවල ‘තවත් බිහිසුණු පැත්තක්‘ හෙළිවෙයි !

පසුගිය ජූනි මස 17 දා සිට ජූලි 28 දක්වා සිදුකළ නිරීක්ෂණයකදී දරුවන් යොදා සිදුකල අසභ්‍ය දර්ශන (child ponography) අඩංගු විඩියෝ පට සහ ඡායාරූප 17,629ක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන පරිගණක, ජංගම දුරකතන සහ වෙනත් සන්නිවේදන උපකරණ භාවිතා කර අන්තර්ජාලයට නිකුත්…
රටපුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි – ජාතික ඩෙංගු මර්දන ඒකකය

2020 වර්ෂය හා සංසන්දනය කරන විට 2021 වර්ෂයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි ය. මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත. දිවයිනේ අනෙක්  දිස්ත්‍රික්කවලට  සාපේක්ෂව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින්  ඩෙංගු රෝගීන් වාර්තා…
ඩොලර් හිඟය නිසා ‘කිරි වීදුරුව නැතිවීමේ‘ අර්බුදය අතළඟ

ටයර්, විදුලි උපාංග, පොහොර, කෘෂි රසායන, ඖෂධ සහ ගෑස් හිඟය ට වඩා විශාල අසනහනයක් මතු කරමින් අගොස්තු මාසයේ කිරිපිටි/කිරි නිෂ්පාදන හිඟයක් මතු විය හැකි බව බහිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.   ලංකාවේ එක් පුද්ගල කිරි පරිභෝජනය…
මහ බැංකුවේ ණය රුපියල් ට්‍රිලියනය පනී

ශ්‍රී ලංකා මහ බැංකුව අද වන විට රු. ට්‍රිලියනයක (රු. බිලියන 1,135.5)  මුදලක් රටට-ලෝකයට  ණය වී ඇත. මහ බැංකුවේ ණය (භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර) වල මුහුණත අගය රු. ට්‍රිලියනය ඉක්වූවේ ගියේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්…
ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

ජාතික වශයෙන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර ­ලෙස අවධානය යොමු වී ඇති අංශයන්හි ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කෙරේ. මෙම වැඩපිළිවෙළ සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (28) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්…
ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් අයට ජපානය සරණවෙයි

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාව 728,460ක් ලබන සෙනසුරාදා (31) ශ්‍රී ලංකාවට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම හරහා ජපන් රජයේ පරිත්‍යාගයක් ලෙස මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන බව සදහන් කළ චන්න ජයසුමන මහතා මෙම…
කෝටි 2000ක මැණික් පොකුර චීනයට

පැල්මඩුල්ලේ පෞද්ගලික ඉඩමක ලිදක් හාරන අවස්ථාවේදී හමුවූ ලොව විශාලතම ආරනූල් (star sapphire) මැණික පොකුර එහි අයිතිකරුගේ කැමැත්ත මත හැකි ඉක්මනින් වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය. මෙම වෙන්දේසිය ලබන නොවැම්බර් මාසයේදී චීනයේදී…
‘ඩෙල්ටා ප්‍රභේදය කියන තරම් භයානක නෑ‘ ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් -19 හි ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව වැඩි නමුත් එය අනෙක් කොවිඩ් වෛරස් ප්‍රභේදවලට වඩා මාරාන්තික නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග හා වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් පවසයි. “ ඩෙල්ටා ප්‍රභේදය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකියි. රෝහල්…
විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ඇරඹේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  ලියාපදිංචි  වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම අද (28) නාරහෙන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කෙරිණ. ආරම්භක දිනයේ මෙම එන්නත ලබා දෙනු ලබන්නේ බස්නාහිර පළාතෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…
පාපන්දු සම්මේලනය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව COPA හමුවට

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) ලබන අගෝස්තු 03 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පාර්ලිමේන්තුව හමුවට කැඳවා ඇති අතර, රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) වෙත පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අගෝස්තු 04 වැනිදා කැඳවා තිබේ.    පාර්ලිමේන්තුවේ…
Eva නිල දිරිගැන්වීමේ සහකරු වෙමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීමට නිල ඔල්වරසන් ගීතයක්

ICL Brands පෞද්ගලික සමාගමේ ඊවා (Bra) සන්නාමය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සහයෝගීතාවයකට එළඹෙමින් 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ‘නිල දිරිගැන්වීමේ සහකරු’ බවට පත් වූ අතර ඒ වෙනුවෙන් පසුගියදා විශේෂ සන්නිවේදන වැඩසටහනක්…
‘සාකච්ඡා අසාර්ථකයි  ගුරු – විදුහල්පති සටන දිගටම‘ – ලංකා ගුරු සංගමය

ගුරු – විදුහල්පති ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් සමග අද (27) පැවති සාකච්ඡාවද අවසන් වූයේ විසඳුමකින් තොරව බැවින් මේ වනවිට ආරම්භ කර ඇති ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්…
සේනාධිපතිට හා පාලිත ප්‍රනාන්දුට එරෙහි ලක්ෂ 355ක නඩුව අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගනියි

රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉල්ලා අස්…
මුදල් රාජ්‍ය ඇමැති කබ්රාල් ‘දකින සිහිනයක් ගැන සුපිරි හෙළිදරව්ව‘

‘ඉදිරි මාස තුන ඇතුලත ඇමරිකානු ඩොලර් බිලියන 2.65 ක මුදලක් රටට ගලා තුලට ගලා ඒමට නියමිත බවට මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් සිදු කර ඇති ප්‍රකාශය අතිශයින් නොමඟ යවන සුළු බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ඇමරිකානු ඩොලර් බිලියන…
ගුරු – විදුහල්පති ඉල්ලීම් ගැන අවසන් තීරණය ලබන සඳුදා ගන්නා බව අගමැති කියයි

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය. ගුරු විදුහල්පති සේවාව…
චීනයෙන් ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක තවත් පරිත්‍යාගයක්

චීන රජය තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක්  ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි. එම එන්නත් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL – 869 සහ UL – 865 ගුවන් යානා අද (27) උදෑසන 5.30ට කොළඹ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා විය. චීන තානාපති, චී චෙන්ග්…