පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ තීරණයන් ගැනීම සඳහා පක්ෂ නායකයන්ට බාරදෙයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ තීරණයන් ගැනීම සඳහා පක්ෂ නායකයන්ට බාරදෙයි
Spread the love

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ තීරණයන් ගැනීම සඳහා පත් කෙරුණු සීමානිර්ණ සමාලෝචන කමිටුවේ පියවර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ බහුතර එකඟතාවය මත ගැනීමට සැලසුම් කර ඇත.

පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සීමානිර්ණ වාර්තාව පරාජයට පත්වීමෙන් පසු කථානායක කරු ජයසූරිය මහතා පත් කළ සීමානිර්ණ සමාලෝචන කමිටුවක් පත් කළ අතර, එහි සභාපතිත්වය දරනුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.
දැනට සම්මත කර තිබෙන පනත අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සංශෝධන දෙකක් ගෙනවිත් උප‍ලේඛන අනුමත කරගත යුතුව පවතී. මේ පසුබිම යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැනට නීතියක් නොමැතිය යන්න කමිටු සාමාජිකයන්ගේ මතය වේ.

මේ අතර කුමන තත්ත්වයක් යටතේ වුවද පළාත් සභා ඡන්දය කල් දැමීමට අදහසක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් වෙත දැනුම් දී තිබේ. පාර්ලිමේන්තු පක්ෂ නායක තීරණය අනුව පළාත් සභා මැතිවරණය ගැන තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දීමට ද නියමිතව ඇත.