කවුද මේ පුංචි සංගා – කියවන්න මේ සටහන ඔහු පිලිබදවයි…

Spread the love

කුමාර සංගක්කාර නැවතත් ක්‍රිකට් පිටියට පැමිණෙනවා නම් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ඔහු ආදරයෙන් පිළිගන්නට සැදී පැහැදී සිටී.ලහිරු තිරිමාන්න කාලයක් ප්‍රේක්ෂකයන් හැදින්වුවේ මීළඟ සංගක්කාර ලෙසිනි.

සංගක්කාර පිතිහරබයේ යෙදෙන අකාරයටම පිතිහරම්බයේ යෙදෙන කුඩා දරුවෙකු ගැන පසුගිය කාලයේ අසන්නට ලැබුණි.ඔහු ශාරුජන් ශන්මුගනාදන්ය.ශරුගේ පුහුණුකරුවන් පවසන අකාරයට නම් ශාරු සංගාගේ කාබන් කොපියකි.එමෙන්ම ඉරියව් පමණක් නොව දක්ෂතාවයන්ද ඔහුගේ වයසට වඩා මුහුකුරා ගොස් ඇති බව පුහුණුකරුවන්ගේ අදහසයි.

ශාරු තවමත් වයස 11 වන කුඩා ක්‍රීඩකයෙකු වන අතර,ඔහු ccc පාසලේ අන්තර් නිවාස ක්‍රිකට් තරඟාවලියේ හොඳම පිතිකරු හොඳම පන්දු යවන්නා සහ අවසන් තරඟයේ වීරයා සම්මන ලබාගෙන ඇත්තේ 2013 වයස 10 පහල වයස් කාන්ඩයේය.එමෙන්ම CCC පාසැල නියෝජනය කරමින් බැංගලෝරයේ පැවති තරඟාවලියකට සහභාගී වී ඇති ශාරු එහිදී තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලබා ඇත.

තවමත් සංගලා මහේලලා එනකන් බලා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන්ට ශාරු හොඳ උත්තේජනයක් වනු ඇත.

[rns_reactions]