Covid-19 එන්නත්කරණය: ඔබ දැනගත යුතු ‘HPB නිල තොරතුරු’

Covid-19 එන්නත්කරණය: ඔබ දැනගත යුතු ‘HPB නිල තොරතුරු’
Spread the love

කොවිඩ්-19 සදහා එන්නත්කරණ වැඩසටහන් මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ තත්ත්වය තුළ කොවිඩ් එන්නත හා සම්බන්ධ ජනතාවට වැදගත් කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ‘‘කොවිඞ්-19 එන්නත්කරණය – එන්නත ලබන්නන් සඳහා දැනුවත් කිරීමේ සැසිය“ නමින් පිටු 19ක පොත් පිංචක් නිකුත් කර තිබෙනවා. මෙම ලිපිය එකී පොත් පිංච මගින් කළ ඍජු උපුටා ගැනීමක් – ප්‍රධාන සංස්කාරක

කොවිඩ්වලට එරෙහි එන්නත යනු කුමක්ද ?

වෛරසයෙන් ආරක්‍ෂාවීමට සරල, ආරක්ෂිත හා ඵලදායීක‍්‍රමයක් වන අතර කොවිඞ්-19 වෛරසයට ප‍්‍රතිරෝධය දැක්වීම සඳහා ශරීරයේ ඇති ස්වාභාවික ආරක්ෂක උපක‍්‍රම භාවිත කරයි. එසෙම එය ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර පුද්ගලයෙකුට එන්නත ලබාදුන් පසු ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය, ආක‍්‍රමණික කොවිඞ්-19 වෛරසයේ කොටස් මතක තබාගන්නා ‘මතක සෛල – Memory cells හරහා හඳුනාගනී. එවිට ඔබ රෝගී වීමට පෙර ප‍්‍රතිශක්තිකරණ පද්ධතියට එය ඉක්මනින් විනාශකළ හැකිය.

ඇයි එන්නතක් ?

රෝග සහ අසනීප තත්ව වැළැක්වීමේදී එය වැදගත් වන අතර එන්නත් කිරීම මගින් රෝග පාලනය හා වැළැක්වීම පිළිබඳ දීර්ඝ හා ඉතා සාර්ථක ඉතිහාසයක් ශ‍්‍රී ලංකාව සතුව ඇත.
කොවිඞ්-19 වැළැක්වීමේ යහපත් පුරුදු අතිශයින්ම වැදගත් වන නමුත් යහපත් සෞඛ්‍ය පුරුදු මගින් පමණක් රෝග පාලනය සාක්‍ෂාත් කරගැනීම දුෂ්කරය. එනිසා වසංගතය පිටුදැකියහැකි එකම ක‍්‍රමය එන්නතක් හා සමග රෝගය වැළැක්වීමේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම බව පෙනේ.

AstraZeneca COVISHELD පළමු එන්නත ලබා දෙමින්

එන්නත ලබා ගැනීම වැදගත් වන්නේ ඇයි ?

  1. ආසාදනය වීමේ ප‍්‍රවණතාව අධික අතර ඉක්මනින් පැතිරෙයි.
  2. බරපතල රෝගාබාධ, රෝහල්ගත කිරීම, දිගු කාලීන සංකූලතා සහ මරණය පවා සිදුවිය හැකිය.
  3. ඔබ එන්නත ලබාගැනීම මගින් ඔබේ ආරක්ෂාවද, ඔබේ පවුල සහ ඔබ අවට සිටින අයගේ ආරක්ෂාවද වැඩිවීමේ හැකියාව වැඩිවේ.
  4. හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටීම ‍කොවිඩ්-19 වැළඳීමේ හා එය පැතිරවීමේ අවදානම අඩු නොකරයි.
  5. වෛරසය ආසාදනය වී ඇති අවස්ථාවක ඔබට ඉතා සුළු රෝග ලක්ෂණ හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණත් ඔබගේ ආදරණීයයන්ව සහ ඔබ අවට සිටින අයව ආසාදනය කිරීමේ හැකියාවක් ඇත.
  6. එන්නත ලබාගැනීම මගින් අප හා සමාජය ආරක්ෂාවීමක් සිදු වන අතර එය අපගේ සමාජ වගකීම ඉටුකිරීමක් ද වේ.

කුමන එන්නත ද ?

ඔක්ස්ෆර්ඞ් / ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත AstraZeneca COVISHELD ශ‍්‍රී ලංකාවේ භාවිත කරන පළමු එන්නතයි. එය මාත‍්‍රා දෙකක් ලබාගැනීම අත්‍යවශ්‍යවේ. ඇස්ට‍්‍රාසෙනෙකා AstraZeneca COVISHELD අප සාර්ථකව භාවිත කළ අනෙකුත් එන්නත්වලට සමාන ආකාරයකින් ක‍්‍රියාකරයි. (උදා: එම්.එම්.ආර්., පැපොල වැනිඑන්නත්) එහි ප‍්‍රතිදේහජනක කොටසක් ඇති අතර එය අපගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය හරහා වෛරසයට ප‍්‍රතිරෝධය ඇති කරයි.

ශක්තිමත් ප‍්‍රතිශක්තිකරණ ප‍්‍රතිචාර සහ මතක තබා ගැනීම වර්ධනය වන්නේ ඊසහඔ ෙසෙල නම් වූ විශේෂ ප‍්‍රතිශක්තිකරණ ෙසෙල මගිනි. යම් පුද්ගලයෙකු එන්නත ලබා ගැනීමෙන් පසු අවස්ථාවකදී වෛරසය ආසාදනය වුවහොත්, ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසය හඳුනාගෙන එයට පහරදී ඔහුව කොවිඩ්-19 යෙන් ආරක්‍ෂා කරයි. ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත මාත‍්‍රා 2ක් සම්පූර්ණ කළ පසු 70%ක (62-90% අතර) ඵලදායීතාවක් පෙන්වයි

එන්නතෙන් ලැබෙන ප‍්‍රයෝජන

  1. Covid-19 ආසාදනය වීමේ අවස්ථාව අඩු කරයි.
  2. ඔබට Covid-19 ආසාදනය වුවත් දරුණු රෝග ලක්‍ෂණ සහසංකූලතා අඩු කරයි.
  3. මිය යෑමේ හැකියාව අඩු කරයි.
  4. සම්පේ‍්‍රෂණය අඩු කරයි.

එන්නතේ ආරක්‍ෂාකාරී බව

Covid-19 වසංගතය ගෝලීය හදිසි තත්වයක් බවට පත්විය. එබැවින් ලොව පුරා විද්‍යාඥයින් හැකි ඉක්මනින් නව එන්නතක් නිපදවීම සඳහා දැඩි වෙහෙසක් දැරීය. එන්නත් නිපදවීමේ ක‍්‍රියාවලියේ වැදගත්ම සාධකය වන්නේ එය උපරිම ආරක්‍ෂාකාරී බවකින් යුක්ත වීමයි.
කොවිඩ්-19 සඳහා විවිධ එන්නත් ගණනාවක් ඉතා වේගයෙන් ඇගයීමටලක් විය. නමුත් ඒවා නිසි ක‍්‍රමවේදයන්ට අනුකූලව සිදුකර ඇත. එන්නත් පිළිබඳ නිසි සායනික අත්හදාබැලීම් ද සිදුකර ඇත. එය ප‍්‍රමාණවත් අරමුදල් යෙදවීම සහ පොදු ඉලක්කයක් සපුරා ගැනීම සඳහා විශාල කැපවීමකින් කටයුතු කරන ලද කණ්ඩායමක් සමග ලබාගත් ජයග‍්‍රහණයකි

එන්නත ලබා ගැනීම සඳහා යෝග්‍ය නොවන පුද්ගලයින් කවුද ?

  • ගර්භනී මව්වරුන්
  • ඛිරිදෙන මව්වරුන්
  • අවුරුදු 18 ට අඩු අය

එන්නත්වල යම් සංඝටකයකට දැඩි අසාත්මිකතාවක් ඇති පුද්ගලයින් සහ වෙනත් ඖෂධවලට හෝ ආහාරවලට දැඩි අසාත්මිකතාවක් දක්වන පුද්ගලයින් (ඔවුන් එන්නත ලබාගැනීමට පෙර ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය)

ඇස්ට‍්‍රාසෙනෙකා එන්නතෙහි සාමාන්‍ය අතුරු ආබාධ

සියලූම එන්නත් මගින් අතුරු ආබාධ ඇතිවිය හැකිය. ඒ අතරින් වඩාත් පොදු ඒවා,

  1. එන්නත ලබාදුන් ස්ථානයේ වේදනාව
  2. සුළු උණ තත්වය මස්පිඩු වේදනාව
  3. හිසේ කැක්කුම
  4. ශීතල ගතිය (සමහර අයෙකුට)

බරපතල අතුරු ආබාධ

කොවිඩ්-19 එන්නත්වල බරපතල අතුරු ආබාධ ලොව පුරා මාධ්‍යවල වාර්තා වී ඇත. නමුත් එය ඉතා විරල වේ. වාර්තා වූ සියලූම අතුරු ආබාධ එන්නත නිසා ඇති වූ ඒවා නොවේ. උදා: ඒවා වෙනත් වෛද්‍යමය හේතු නිසා ද ඇතිවිය හැකිය.

ඇතිවිය හැකි අහිතකර තත්වයන් වළක්වා ගැනීම සඳහා එන්නත් කිරීමේ ක‍්‍රියාවලියේ දී ගත හැකි සෑම පූර්වෝපායක්ම ගෙන ඇති අතර ඔබේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා එන්නත ලබා ගැනීමෙන් පසු මිනිත්තු 20ක් පමණ ඔබ පිළිබඳ නිරීක්ෂණය කරනු ඇත.

එන්නත්කරණ ක‍්‍රියාවලියට පෙර

එන්නත ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමේදී පහත දැක්වෙන තොරතුරු නිවැරදිව ලබා දියයුතු වේ.

  • ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය
  • ඔබගේ දුරකතන අංකය
  • ඔබගේ වර්තමාන ලිපිනය
  • ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප‍්‍රදේශය

එන්නත ලබා ගැනීම සඳහා කැමැත්ත ප‍්‍රකාශ කිරීම
……………………………………………………..වන මට අද දින ලබා දෙන ඣඪෂෘ-19 එන්නත පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබාගැනීමටත්, ඒ පිළිබඳව ඇතිවූ ගැටලූ විසඳා ගැනීමටත්, අවශ්‍ය ප‍්‍රශ්න ඇසීමටත් එන්නත් මධ්‍යස්ථානයේ සෙඛ්‍ය නිලධාරීන් අවස්ථාව සලසා දෙන ලදී.
ඔම අවබෝධය මත ඣඪෂෘ-19 එන්නත ලබා ගැනීමෙන් සිදුවන වාසි සහ කලාතුරකින් ඇතිවියහැකි අතුරුඵල පිළිබඳව අවබෝධ කරගැනීමෙන් අනතුරුව එන්නත ලබාගැනීමට තීරණය කර, කැමැත්ත පළකරමි.
අත්සන:………………………………….දිනය:………………………………….

එන්නත ලබා ගැනීමෙන් පසු

එන්නත් කිරීමෙන් පසු ඔබට සම්බන්ධ විය හැක දුරකතන අංකයක් සහ ගැටළු සඳහා හදිසි ඇමතුම් අංකයක් ඔබ වෙත ලබාදෙනු ඇති අතර දෙවන එන්නත් මාත‍්‍රාව ලබාගැනීම සඳහා දිනයක් ලබාදෙන ඇත.

එන්නතේ මාත‍්‍රා 2කම ලබාගැනීමෙන් පස ුපූර්ණ සඵලතාව ළඟා කරගත හැකිවේ.

එන්නතෙන් පසු

එන්නත 100% ක් ඵලදායී නොවිය හැකි නමුත් එය සැලකිය යුතු ආරක්‍ෂාවක් ලබාදෙයි.
එන්නතෙහි පූර්ණ සඵලතාව ලබාගත හැක්කේ මාත‍්‍රාවන් දෙකම ලැබීමෙන් පසුව පමණක් වන අතර අදාළ එන්නත් මාත‍්‍රා දෙක සම්පූර්ණ කිරීමෙන් පසු ඇතිවන ප‍්‍රතිශක්තිකරණයෙන් ලැබෙන ආරක්ෂාව පවතින කාලය පිළිබඳව මෙතෙක් තහවුරුකර නොමැති අතර එන්නත ලබාගැනීමෙන් පස වෛරසය ඔබගෙන් තවත් අයෙකුට බෝනොවන බවට තවමත් නිශ්චිතව හඳුනාගෙන නැත.

කොවිඩ්-19 වැළැක්වීමේ යහපත් පුරුදු අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ

මෙම වසංගතය සාර්ථකව මැඩපැවැත්වීම සඳහා අප මේ දක්වා පිළිපදිමින් සිටි රෝගය වැළැක්වීමේ යහපත් සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව පවත්වා ගැනීම අතිශයින් වැදගත් ය. ඒ අනුව,

  • නිවැරදිව මුහුණුආවරණ පැළඳීම.
  • පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම.
  • සෙනග ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකීම.
  • නිතර දෑත් පිරිසිදු කිරීම.
  • අසනීප තත්වයක් පවතී නම්, අන් අයගෙන් වෙන්ව සිටිම.

මේ සියල්ල අතිශයින්ම වැදගත් වන අතර, මේ සියලු යහපත් සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව පවත්වා ගෙනයා යුතුය.

එන්නත ලබාගැනීමෙන් සහ කොවිඩ්-19 රෝගයවැළැක්වීමේ යහපත් පුරුදු අනුගමනය කිරීමෙන් මෙම වසංගතය සාර්ථකව මැඩපැවැත්වීම සඳහා අපගේ පූර්ණ සහාය ලබා දෙමු.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල ප්‍රකාශනයක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ