Covid-19 Today Hot: මරණ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළට

Covid-19 Today Hot: මරණ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළට
Spread the love

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්-19 ආසාදිත මරණ 08ක් අද දින(18) තහවුරු කරන ලද බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

මෙම මරණ 08ත් සමග මෙරට කොවිඞ්-19 ආසාදිතව මියගිය සමස්ත ගණන 264ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

මේ අතර අද (18) දින ප.ව 20.30ට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක සඳහන් වුණේ අද දිනය තුළ කොවිඞ්-19 නව ආසාදිතයින් 749 දෙනකු වාර්තා වූ බවයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඞ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 49,274ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.