පසුගිය අඟහරුවාදා සිට ඊජිප්තුවේ සූවස් ඇළ අවහිර කරමින් සිරවී තිබෙන Ever Given නම් බහාලූම් ප්රවාහන නෞකාව ඉවත් කර ගැනීම විශේෂඥයින් බලවත් පරිශ්රමයක් දරමින් සිටිනවා. ගෝලීය භාණ්ඩ ප්රවාහන කටයුතුවලට සිදුවන දැඩි බලපෑම හමුවේ හැකිතාක් කඩිනමින් නැව ඉවත් කර ගැනීමයි සූවස් බලධාරීන්ගේ බලාපොරොත්තුව වන්නේ.
ඒ අනුව නැව ඉවතට ගැනීම සඳහා වැලි ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර අති දැවැන්ත අලියා බෝට්ටු 08ක් ද නැව ඉවතට ගැනීමට යොදවා තිබෙනවා.
ඊයේ (25) නැවේ හිමිකාර ජපාන සමාගමක් වන ෂෝයි කිංසන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන් වෙත සිය කනගාටුව ප්රකාශ කළා. ගැටළුව විසඳීම සඳහා පළාත් පාලන ආයතන සහ යාත්රාවේ ක්රියාකරුවන් උපරිම උත්සාහයක් ගන්නා නමුත් එය අතිශයින් දුෂ්කර බවට ඔහු අනතුරු ඇඟවීමක් ද කළා.
Text by bbc