IOC ඔක්ටේන් 100 අලෙවිය අරඹයි

IOC ඔක්ටේන් 100 අලෙවිය අරඹයි
Spread the love

අද සිට සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කළ බව IOC නිවේදනය කළේය. මෙම වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 793කට බව ද එම නිවේදනයේ සහන් වේ.

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි කරන ලෝකයේ අටවන රට බවට පත්වේ. නවීන වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු මෙම ඉන්ධන වර්ගයෙන් සුමට ධාවනයක් මෙන්ම වැඩි සැතපුම් ප්‍රමාණයක් සමග ඉහළ එන්ජින් ක්‍රියාකාරීත්වයක් අත්විඳිය හැකි බව සමාගම කියා සිටියි.