කොරෝනා මෙරටට ඇතුළු වීම වැළැක්වීමට අලුත් නීති පනවයි

කොරෝනා මෙරටට ඇතුළු වීම වැළැක්වීමට අලුත් නීති පනවයි
Spread the love

වහාම ක‍්‍රියාත්මක වන පරිදි අද (30 දින සිට මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම තහනම් කිරීමට රජය විසින් නියෝග කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (30) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවා.

ජාසිංහ මහතා පවසා සිටියේ අද දිනයේ ද සුඛෝපභෝගී මගී නෞකාවක් ලංකාවට පැමිණිමට තිබූ බවත් එය ඕමානය වෙත හරවා යැවූ බවයි.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරී ඇති බලතල අනුව අද දින සිට මගී නෞකාවලින් මගීන් ගොඩබීමට බැස්සවීම තහනම් කර ඇති බවත් ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කළා.

මෙහිදී කොරෝනා ව්‍යාප්තියට ලක්ව ඇති දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළ අනිල් ජාසිංහ මහතා කියා සිටියේ දකුණු කොරියාවෙන්ල ඉතාලියෙන් හා ඉරානයෙන් පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට රජය පියවර ගෙන තිබෙන බවයි.

ශ්‍රී ලාංකීකයින් හා විදේශිකයින් යන දෙපාර්ශ්වයම නිරෝධාන ක‍්‍රියාවලියට ලක් කරනු ලබන බව සදහන් කළ අනිල් ජාසිංහ මහතා ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය ඔස්සේ තානාපති කාර්යාල හා රටවල් දැනුවත් කර මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ද සදහන් කළා.