සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ 04ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (01) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
මේ අතර අද දින ප.ව 20.25ට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වන්නේ එම අවස්ථාව වන විට නව කොවිඩ්-19 ආසාදිතයින් 555 දෙනකු වාර්තා වූ බවයි. ඒ සමග කොවිඩ් 2වැනි රැල්ලෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 40,126 දක්වා ඉහළ ගිය බව ද අදාළ නිවේදනයේ සදහන් වෙනවා.