එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක් සමග එක්ව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට ව්‍යාපාරිකයින් සහ තවත් පාර්ශ්ව කිහිපයක් විසින් දරණ උත්සාහක් ගැන ‘නිවැරදි‘ තොරතුරු ‘වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය‘ විසින් පසුගිය දා හෙළිකළ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට ද පියවර ගත්තා.
මේ අතර සමාජය තුළ කිසියම් සංවාදයක් ආරම්භ වී තිබෙනවා. ඒය කිසියම් කාලයක සිට සිදු වුණත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ගැන යළි සංවාදය ආරම්භ වීම සමග ‘ශ්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු අවශ්‍යද ? ‘ සිටින සංඛ්‍යාව ප්‍රමාණවත් ? එසේ නම් අපේ ගමේ රෝහලට වෛද්‍යවරයෙක් නැත්තේ ඇයි ? වැනි ප්‍රශ්න ඇති වී තිබෙනවා.
සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරයා ජනතාවට ‘දැනෙන‘ කරුණක් වුවත් ඉහත සදහන් ගැටලුවට නිසි පරිදි විසදා ගැනීමට තබා අදාළ ගැටලුව නිවැරදිව හදුනා ගැනීමට පවා ‘අදාළ අංශ‘ සමත් වී ඇති බවක් දැකිය නොහැකියි. මේ නිසා තත්ත්වය තව තවත් සංකීර්ණ වී තිබෙනවා පමණක් නොව ඕනෑම අයෙකුට අසීමිතව කරුණු දැක්වීමේ අවස්ථාවක් ද මේ හරහා නිර්මාණය වී තිබෙනවා.
‘වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය‘ ලෙස ‘ශ‍්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍යද ? වර්තමාන තත්ත්වය පිළිබද‘ නිවැරදි සහ නිරවුල් විග‍්‍රහයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප තීරණය කළේ මේ නිසයි.
ශ‍්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍යද ? වර්තමාන තත්ත්වය
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ SLMC සංඛ්‍යා ලේඛන අනුව ලියාපදිංචි වී දැනට ක‍්‍රියාකාරී වෛද්‍ය සේවයේ වෛද්‍යවරු සංඛ්‍යාව 27,766 ක් වෙනවා. වර්තමාන ශ්‍රී ලංකාවේ ජනගහනය (2019 ජූලි) මිලියන 22.1 කි. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ ජනගහනය අනුපාතය 1/750 කි. (පුුද්ගලයන් 750ක් සඳහා වෛද්‍යවරයෙකු සිටී) ඒ අනුව සිටිය යුතු වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයෙන් 91%ක් දැනට සපුරාගෙන ඇති අතර තව වසර පහක් ඇතුළත එම අගය 100්%ක් දක්වා පරිපූර්ණ වනු ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව පැවතිය යුතු වෛද්‍ය ජනගහනය අනුපාතය 1/1000 කි. ඒ අනුව ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිර්දේශ වලටත් වඩා උසස් ප‍්‍රශස්ත තත්ත්වයක් රටක සිටිය යුතු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකාව දැනටමත් ළඟා කරගෙන ඇත.
ලෝකයේ වෛද්‍යවරුන් දැඩි හිඟයක් පවතින රටවල් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම්කර ඇති රටවල් 57ට ද ශ්‍රී ලංකාව අයිති නොවේ.
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවට පැතිර යන මතය සත්‍යයද?
නැත. අද ශ්‍රී ලංකාවේ ඇත්තේ වෛද්‍ය වෛද්‍යවරුන්ගේ සේවා ස්ථාන ව්‍යාප්තිය පිළිබඳ ප‍්‍රශ්නයකි. කොළඹ දිස්ත‍්‍රික්කය තුළ වෛද්‍ය ජනගහනය අනුපාතය 1/400කි. එමෙන්ම නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙහි වෛද්‍ය ජනගහනය අනුපාතය 1/3000කි. විවිධ සමාජයීය ආර්ථික හේතූන් නිසා නාගරික ප‍්‍රදේශ වලට වෛද්‍යවරුන් කේන්ද්‍රගත වීම නිසා දුෂ්කර ප‍්‍රදේශවල රෝගී සත්කාර සේවාවන් උපරිම ලෙස පවත්වා ගැනීමේ බලවත් දුෂ්කරතා පැනනැගී ඇත.
වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම මෙම තත්තවය විසඳීමට පිළියමක් නොවන අතර එය විසඳිය හැක්කේ මනා මානව සම්පත් කළමනාකාරීත්වයකින් පමණි. වසරකට රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන වෛද්‍ය උපාධිධාරීන්ගේ සංඛ්‍යාව 1500 කි. වසරකට විදේශීය වෛද්‍ය උපාධි ලබා ERPM (Act16) විභාගය සමත්වී වෛද්‍ය සේවයට එක්වන ගණන 500කි. මේ අනුව වසරකට වෛද්‍ය සේවයට එකතු වන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2000කි.
වෛද්‍ය සේවයට එක්වන වෛද්‍යවරුන්ගේ සේවා ස්ථාන වල ව්‍යාප්තිය – (පසුගිය වසර 10ක් තුළ සංඛ්‍යාලේඛණවලට අනුව)
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2019 සැප්තැම්බර් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය අනුව දැනට රජයේ සේවයේ පවතින වෛද්‍ය පුරප්පාඩු 1654 ක් වේ’ මෙම වෛද්‍ය හිඟය පිරවීමට ගතවන කාලය අවම වශයෙන් වසර 2 කි’ දළ දේශීය නිෂ්පාදිතයෙන් සෞඛ්‍ය සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුදල් ප‍්‍රමාණය 3.4% කි.
පසුගිය වසර 5 තුළ එම ප‍්‍රතිශතය වැඩිවීමක් සිදුවී වී නොමැත. රටේ පවතින ආර්ථික අස්ථාවරභාවය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෙනත් වියදම් අධික වීම නිසා ඉදිරි අනාගතයේදී රැකියා අවස්ථා CADRE EXPANSION වැඩිව වීමට ඉඩකඩ සීමිතය.
රජයේ වෛද්‍ය පීඨ වලින් විදේශීය වෛද්‍ය අධ්‍යාපනයෙන් පසුව රජයේ සේවයට එකතුවන වෛද්‍යවරුන් සඳහා වසරකට ලබාදිය යුතු නව පත්වීම් සංඛ්‍යාව 1100 කි. (වසරකට වෛද්‍ය සේවයට එකතු වන 2000 පමණ වූ වෛද්‍යවරුන්ගෙන් 70්%පමණ රජයේ සේවයට අන්තර්ග‍්‍රහණය වන අතර රැකියාවේ විරහිත වෛද්‍යවරුන් බිහිවීම වැළැක්වීමට මෙම පියවර ගැනීමට සිදුවී තිබේ)
රජයේ සේවයෙන් විශ‍්‍රාම ගන්නා වෛද්‍යවරුන් නිසා වාර්ෂිකව ඇතිවන පුරප්පාඩු සංඛ්‍යාව 300 – 350 ත් පමණ විය.
දැන් වයස 55-60 සම්පූර්ණ කරන්නේ 1988-1992 සීමාවේ වෛද්‍ය විට වලින් පීඨවලින් පිට්වූ වෛද්‍යවරුන්යග එවකට රජයේ සියලූම වෛද්‍ය පීඨ වලින් පිටවූ සංඛ්‍යාව වසරකට 350-400 පමණ විය.
එහෙත් වර්තමානයේ වෛද්‍යවරුන් විශ‍්‍රාම ගන්නා සංඛ්‍යාවට වඩා විශාල සංඛ්‍යාවක් රජයේ සේවයට එක්වන නිසා තව වසර කිහිපයකින් අතිරික්තයක් ඇති වීම වැළැක්විය නොහැක. ඊට හේතුව ඉදිරි සැලසුමකින් හෝ දැක්මකින් තොරව සහ දේශපාලන අරමුණු මත රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ආරම්භ කිරීමයි. එමෙන් ම ලාභදායී වෙළඳ ව්‍යාපාරයක් ලෙස නිසි නියාමනය තොරව ශ්‍රී ලාංකික සිසුන් වෛද්‍ය උපාධිය සඳහා විදේශගත වීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වීමයි.
විදේශීය රටවල වෛද්‍ය අධ්‍යාපනය සඳහා යන සංඛ්‍යාව ද ඉතා සීඝ‍්‍රයෙන් වැඩිවීම නිසා මෙම ගැටලුව තවත් සංකීර්ණ වනු ඇත. මේ වන විට වසරකට 800කට ආසන්න සංඛ්‍යාවක් වෛද්‍ය උපාධි සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) සහතිකය (Eligibility Certificate) ලබාගන්නා අතර එසේ නොමැතිව විදේශ ගතවන සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැතිවීම බරපතළ ප‍්‍රශ්නයකි.
වෛද්‍ය ක්ෂේත‍්‍රයේ මානව සම්පත් අවශ්‍යතාවය පිළිබඳ වසර පහකට වරක් අධ්‍යයනය කර වෛද්‍ය අධ්‍යාපනය සඳහා රටේ අවශ්‍යතාවයට අනුකූලව වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇතුළත් කරගත යුතු සිසුන් සංඛ්‍යාව තීරණය කර ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කරගත් යුතුය. එමෙන්ම සැබෑ තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අද යුගයේ අවශ්‍යතාවයකි.
අනාගතයේදී සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතිවන මෙම අභියෝගයට මුහුණදීමට නොපමාව නිසි ක‍්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කිරීම වගකීිවයුතු පාර්ශ්වයන්ගෙන් යුතුකම්කි. එසේ නොවුණහොත් නිසි සැලසුමකින් තොරව වෛද්‍ය උපාධිධාරීන් බිහි කිරීම නිසා බරපතළ ප‍්‍රතිවිපාක වලට මුහුණ දී ඇති ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල කනණගාටු කනගාටුදායක තත්ත්වයට අප රට ද තව වසර කිහිපයකින් පත්වනු ඇත.
මූලාශ‍්‍ර
- fi!LH wud;HdxY pl%f,Al ECA/1/93
- Ceylon medical journal CMJ 2017;62:No4 223-227 Dileep De Silva
- University Admissions UDC 2018-2019
- Current Statistics of Medical Doctors SLMC 2017