අට්ටවිල්ලුව රක්ෂිතය හදිසියේ ගිනිගනී

අට්ටවිල්ලුව රක්ෂිතය හදිසියේ ගිනිගනී
Spread the love

හදිසියේ ඇතිවූ ගින්නකින් පුත්තලම අට්ටවිල්ලුව රක්ෂිත වනාන්තරයේ අක්කර ගනනාවක් විනාශයට පත්ව ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

ඉකුත් 10 වැනිදා සවස මෙම ගින්න පැතිර ගොස් ඇත.

ගින්න හේතුවෙන් අට්ටවිල්ලුව රක්ෂිත වනාන්තරයේ අක්කර 15 කට ආසන්න ප්‍රමාණයක් සහ ඒ ආසන්නයේ ඇති නිවාස සංවර්ධන අධිකරියකට අයත් ඉඩමකටද හානි සිදුවී ඇත.

මේ දිනවල පවතින දැඩි නියගය නිසා රක්ෂිත වනාන්තරයේ සහ නිවාස අධිකාරියට අයත් ඉඩමේ ගහ කොල වියලී ගොස් තිබීම හේතුවෙන් කෙටි කාලයකදී ගින්න පැතිර ගොස් ඇත.ගින්න නිවා දැමීම සදහා පුත්තලම නගර සභාවේ ගිනි නිවන රථය සහ පොලීසිය විසින් ජල බව්සර් ගෙන්වා තිබුනත් ඒවාට වනාන්තරය තුළට පිවිසීමට නොහැකි තත්ත්වයක් තිබුණි.

පසුව තම්බපණ්ණි නාවුක හමුදාවේ නිලධාරීන්,ප්‍රදේශවාසීන්,පොලීසිය,වන සංරක්ෂණ නිලධාරීන්  සහ ආපදා කළමණාකරන ඒකකයේ නිලධාරීන් විසින් පැතිර යමින් තිබූ ගින්න නිවා දමන ලදි.

කිසියම් අයෙකු විසින් ගිනි තැබීම හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.