අද දහවල් සිදු වූ ‘STF-පාතාල’ වෙඩි හුවමාරුව ගැන පොලිසියෙන් පැහැදිළි කරයි

අද දහවල් සිදු වූ ‘STF-පාතාල’ වෙඩි හුවමාරුව ගැන පොලිසියෙන් පැහැදිළි කරයි
Spread the love
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අද (23) දින දහවල් 1.30 ට පමණ වත්තල පොලිස් වසමේ දී හේකිත්ත ප්‍රදේශයේදී සැකකටයුතු වාහනයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයෙකු විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා.

(පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි)

වත්තලදී ‘STF – පාතාල’ වෙඩි හුවමාරුවක් – ඩී.මංජු මරුට

පාතාලයේ ප්‍රබල නායකයකු ලෙස හැඳින්වෙන දඩල්ලගේ මංජු හෙවත් ‘D මංජු’ නැමැත්තා විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින් මීට සුළු මොහොතකට පෙර මිය ගොස් තිබෙනවා.

වත්තල දී විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමේ දී මෙම සිද්ධිය ඇති වී තිබෙනවා.