අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා අද (12) සිට විශේෂ දුම්රිය 12ක් ධාවනයට යොදවා ඇත.ඒ අනුව, රාත්‍රී 7.20 ට කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ මැදිරියක් ද සහිත දුම්රියක්,අද රාත්‍රී 10ට කොළඹ කොටුව සිට යාපනය දක්වාත්, පස්වරු 6.50 ට කොළඹ – කොටුව සිට ගාල්ල දක්වාත් දුම්රිය දෙකක්,පස්වරු 1.55 ට කොළඹ – කොටුව සිට මහව දක්වාත්, පස්වරු 5.10 ට මහව සිට කොළඹ – කොටුව දක්වාත් විශේෂ දුම්රිය දෙකක්,උදෑසන 9.20ට සහ උදෑසන 11.50 ට මරදාන සිට ගාල්ල දක්වා විශේෂ දුම්රිය 2ක්ද, රාත්‍රී 9.50ට ගාල්ල සිට මරදාන දක්වා දුම්රියක්,පස්වරු 2.55 ට මරදාන සිට මාතර දක්වාත්, රාත්‍රී 7 ට මාතර සිට මරදාන දක්වා දුම්රිය 2 ක්,පස්වරු 1.15 ට සහ පස්වරු 5.55 ට ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්ද ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අද සිට විශේෂ දුම්රිය 12 ක් ධාවනයට
