අද සේවයට වාර්ථා නොකරන තැපැල් සේවකයින්ට වැඩ වරදින ලකුණු

අද සේවයට වාර්ථා නොකරන තැපැල් සේවකයින්ට වැඩ වරදින ලකුණු
Spread the love

අද (19) දිනය තුළ සේවයට වාර්තා නොකරන සියලු සේවකයින් තනතුර හැරගියා සේ සැලකෙන බව නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.

සියලුම කාර්යාල විවෘත කර රාජකාරීයට පැමිණෙන කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් හා ආරක්ෂාව සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරීන් සතු වන අතර ඒ සඳහා අදාළ ප්‍රදේශයේ පොලීසියේ සහය ලබාගත හැකි බවත් අද දිනය තුළ සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්, ආදේශක, වැඩබලන හා පත්වීම් ස්ථීර නොකරන ලද කාර්යය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය සදහා තවදුරටත් තැපැල් පරිපාලනය වගනොකියන බවත්  තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අතර ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් තවදුරටත් අඛන්ඩව වැඩවර්ජනය ඉදිරියට ගෙන යන බව තැපැල් වෘත්තිය සමිති පවසයි.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ.කාරියවසම් මහතා සදහන් කළේ කුමන් බලපෑම් එල්ල කළ ද සිය ඉල්ලිම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.