අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද දින ආරම්භ කිරීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් තවත් වෘත්තීය සමිති කිහිපයක් පරස්පර විරෝධී මත දැක්වීම නිසා අද පෙරවරුවේ බත්තරමුල්ලේ ඉසුරුපාය ඉදිරිපිට උණුසුම්කාරී තත්වයක් ඇති විය. මේ හේතුවෙන් බොරැල්ල කොට්ටාව ප්‍රධාන මාර්ගය මුළුමනින් අවහිරව තිබූ අතර එම ගැටුම සංසිදුවීමට පැමිණි පොලිස් නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර උණුසුම් තත්වයක් ඇතිවිණි.
අධ්‍යාපන කේෂ්ත්‍රයේ අංශ කිහිපයක නිලධාරීන් ලෙඩ නිවාඩු දමමින් ඇරඹූ මෙම වැඩ වර්ජනය සාර්ථක වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලීන් මහතා ප්‍රකාශ කරන අතර ජූලි 4දා සියළු පාසල් වසා දමන බව පවසමින් කණ්ඩායම් කිහිපයක් දියත් කළ මෙම වැඩ වර්ජනය මුළුමනින් අසාර්ථකව ඇති බවත් අද සියළුම පාසල් සාමාන්‍ය පරිද්දෙන් පැවැත්වෙන බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.