පොදු දේපළවලට අලාභහානි කිරීමේ චෝදනා යටතේ නඩු පවරා තිබියදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සිහල රාවය සංවිධානයේ ජාතික සංවිධායක මාගල්කන්දේ සුදත්ත, බෙංගමුවේ නාලක, ඉත්තෑපානේ සද්ධාතිස්ස, හා මැඩිල්ලේ පඤ්`ක්‍දාලෝක යන ස්වාමීන් වහන්සේ සිව්නම වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (31) නියෝග කළාය.
පෙර නඩු දිනයේ දී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කොට තිබියදී පෙරේදා (31) නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවූ එම නඩුවේ සැකකරුවකු වන අහුන්ගල්ලේ ජිනානන්ද හිමියන්ට ඊළඟ නඩු දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කොට මුදාහැරීමටද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය. පෙර කී සැකකාර හිමිවරුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තම අධිකරණය විසින් පෙර නිකුත්කොට තිබූ නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් එහිදී කොටුව පොලිසියට දැඩිව අවවාද කළ මහෙස්‌ත්‍රාත්වරිය ඉදිරි නඩු දිනයට පෙර එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් නොකළහොත් ඒ සම්බන්ධයෙන් විශේෂ නියෝගයක් නිකුත් කිරීමට තම අධිකරණයට සිදුවන බවද සඳහන් කළාය.
ආබාධිත රණවිරු සංවිධානය විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ කොටුව ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකදී පොලිස් ගිනි නිවන රථ කිහිපයකට අලාභහානි කිරීම, නීති විරෝධී ජන රාශිය ඇතුළු චෝදනා යටතේ කොටුව පොලිසිය විසින් එම නඩුව පවරා තිබුණි. එම නඩුව ලබන දෙසැම්බර්
07 වැනිදා යළි කැඳවීමටද එහිදී නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරිය අධිකරණය හමුවේ පෙනි සිටි සෙසු සැකකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කළාය.