දිවයිනට බලපෑ ඇති නිරිත දිග මෝසම් තත්ත්වය නිසා ඇති ව ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පවුල් 9817ක් විපතට පත්ව ඇති බවත් විපතට පත් ජනතාව සඳහා පිසූ ආහාර හා වියළි ආහාර ලබාදීම වෙනුවෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙතින් රුපියල් මිලියන 27ක් වෙන් කොට ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමල්නාදන් මහතා ප්‍රකාශ කලේය.
වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක 06යෙහි ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සමාජිකයින් 5000ක් පමණ යොදවා ඇති අතර පුද්ගලයින් 6000ක් පමණ ආරක්ෂික ස්ථාන 80ක රඳවා ඇති බව පෙන්වාදුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 08දෙනෙකු මරණයට පත්ව ඇතැයි ද ප්‍රකාශ කලේය.
ක්ෂණික දුරකථන අංක 117 අමතා ආපදා තත්ත්වයන් පිළිබඳ ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් පසුගිය දින කිහිපය තුළ ඇමැතුම් 4000ක් පමණ ලැබුණු අතර එම සියලු ගැටළු එම අවස්ථාවන්හිදිම විසඳීමට කටයුතු කළ බවත් මීට අමතර ව හදිසි මෙහෙයුම් මැදිරියට 0112 136 136, 0779 117 117, 0702 117 117 ඇමතීමෙන් ම ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා කියා සිටියේය.
