අනියම් පෙමට රස වැටි ගෙදර යන ගමන් 05 වසරේ කෙල්ලට අතවර කල සල්ලාලයා මෙන්න..

අනියම් පෙමට රස වැටි ගෙදර යන ගමන් 05 වසරේ කෙල්ලට අතවර කල සල්ලාලයා මෙන්න..
Spread the love

සිය මවගේ අනියම් සැමියා විසින් අතවරයට ලක්වූ බාලවයස්කාර දැරියක් පිළිබදව අවාසනාවන්ත පුවතක් අලව්ව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම දැරියගේ මව සිය අනියම් සැමියා සමග එකම නිවසේ ජීවත්ව සිට ඇත. මෙම පුද්ගලයා විවාහකයෙකු වන නමුත් සිය විවාහ බිරිඳ අතහැර මෙලෙස මෙම කාන්තාව සමග ජීවත්ව සිට ඇත.

මෙම සිදුවීම සිදු වූ දිනයේ අවුරුදු 10 ක්‌ වූ දැරිය ශිෂ්‍යත්ව පන්ති සදහා සහභාගී වී ඇත. 
 
එම අමතර පංතියට සහභාගි වූ දැරිය නිවසට කැඳවා ගෙන ඒමට යතුරුපැදියෙන් ගොස්‌ ඇති සැකකරු එම දැරිවිය යතුරුපැදියේ නංවාගෙන නිවසට පැමිණෙන අතර ප්‍රදේශයේ අතහැර දමා ඇති අන්නාසි වගා බිමකට කැඳවා ගෙන ගොස්‌ අතවරයක්‌ සිදු කර ඇති බව පොලිසිය සිදු කළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය කර ගෙන තිබිණි.
 
 දැරිවිය නිවසට කැඳවාගෙන ඒමට ප්‍රමාද වීම ගැන සොයා බැලීමට දැරියගේ මව එම පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ගැනීමේදී එම ඇමතුම් විසන්ධි කිරීම පිළිබඳව සැක සිතී අසල්වාසීන්ට දන්වා ඒ පිළිබඳ සොයා බැලීමට යැමේදී ප.ව. 5.00 ට පමණ දැරිවිය යතුරුපැදියේ නංවාගෙන පැමිණ ඇති අතර ප්‍රමාද වීමට හේතුව දැරියගෙන් විමසීමේදී සිද්ධිය පිළිබඳව ඇය පවසා තිබේ.
 
 මේ සම්බන්ධයෙන් විමසිලිමත් වූ දැරිවියගේ නිවස අවට පදිංචි අසල්වාසීන් 119 හදිසි ඇමතුම් මාර්ගය ලබාදුන් ඇමතුමක්‌ මත ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන්ට සැකකාර පුද්ගලයා නිවස තුළදී කොටු කර ගැනීමට හැකිව තිබේ.