අම්පාරෙන් නැවත කරලියට ආපු ‘‘සතකුප්ප‘‘ වලට කොල්ලෝ කෙල්ලෝ වඳවෙනවද? ඇත්ත මෙන්න..!!

අම්පාරෙන් නැවත කරලියට ආපු ‘‘සතකුප්ප‘‘ වලට කොල්ලෝ කෙල්ලෝ වඳවෙනවද? ඇත්ත මෙන්න..!!
Spread the love

පසුගියදා අම්පාරේ ඇතිවුනු සිදුවීමත් සමඟ බොහෝ දෙනා වඳපෙති කියන්නෙ මොනවද..? එහෙම දෙයක් තියෙනවද..? වඳභාවය ඇති වෙන්නෙ කොහොමද..? මේ වගේ ගොඩක් ප්‍රශ්න ගැන විමසා බලන්නට වුනා. කොහොම වුනත් මේ ගැන කතාබහ කරන අතරතුරේ සතකුප්ප කියන ආයුර්වේදයේ භාවිතා කරන ඖෂධය ගැනත් ලොකු කතාබහක් ඇතිවුනා. ඒ වගේම පසුගිය කාලයේ තුනපහ වර්ග වලට සතකුප්ප මිශ්‍ර කරලා ආනයනය කරපු කණ්ඩායමක් ගැන පාරිභෝගික සේවා අධිකාරියත් අනාවරණය කරලා තිබුණා.

දිගින් දිගටම අන්තවාදී කණ්ඩායම් විසින් මෙවැනි ක්‍රියාවන් සිදුකිරීම තුල ‍බොහෝ දෙනාට සැකයක්ව පැවතියේ සතකුප්ප තුලින් වඳ භාවය ඇතිකල හැකිද යන්න පිළිබඳවයි.

සතකුප්ප ආයුර්වේදයේ බෙහෙවින් භාවිත කෙරන ඖෂධයක් වුනත්  ගර්භණී සමයේ හා කිරිදෙන සමයේ කාන්තාවන්ට සතකුප්ප නිර්දේශ නොකෙරන බව ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පෙන්වා දෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවද සතකුප්ප ගැබිණි හා කිරිදෙන මව්වරුන්ට අහිතකර බව සඳහන් වෙනවා.

සතකුප්පවල විටමින් ‘ඊ’ ඇති නිසා දරුවන් පිළිසිඳ ගැනීමේදී එය උපකාර වන බවද ඇතැම් ආයුර්වේද වෛද්‍යවරු පෙන්වා දුන්නද පිළිගත් මතය වන්නේ සතකුප්ප ආවාට ගියාට භාවිත නොකළ යුතු මෙන්ම නිතර ආහාරයට නොගත යුතු ද්‍රව්‍යයක් බවයි.  එසේ වුවත් සූදුරුවලට මිශ්‍ර කළ සතකුප්ප මෙන්ම සූදුරු යයි පවසමින් ආනයනය කළ සතකුප්පද පසුගිය කාලයේ අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති කාරණය තවමත් අභිරහසක්.

ඒ වගේම ආයුර්වේදයට අනුව ගර්භාෂ සංකෝචන ද්‍රව්‍යයක් සේ සැලකෙන සතකුප්ප, ඇතැම් ජන කණ්ඩායම් ගබ්සා කිරීම සඳහා භාවිත කරන බවද සඳහන් වෙනවා.