අම්පාර ප‍්‍රදේශයේ ඊයේ (26) රාති‍්‍රයේ කිසියම් කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
තුන්සියයක පමණ කණ්ඩායමක් හෝටලයක පහරදී එහි බඩු බාහිරාදියට ගිනි තබා පසුව දේවස්ථානයකටද අලාභ හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
වාහන කිහිපයකටද ඔවුන් විසින් පහරදී තිබෙනවා.
ගිනි තැබීමට ලක්වූ හෝටලයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ලබා ගත් ආහාරයක තිබී කිසියම් පෙති වර්ගයක් (දම් පැහැයට හුරු) හමුවී ඇති බවයි පැවසෙන්නේ.
ඒ බව පාදක කර ගනිමින් කලහකාරී තත්ත්වය ඇතිවූ බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. මේ වන විට පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව තත්ත්වය පාලනය කර තිබෙනවා.