අම්මගේ අවමගුලට ආපු මරණ දඩුවම නියමවු තාත්තා එක්ක බන්ධනාගාර බස් එකට නැගපු දුවගේ කතාව

අම්මගේ අවමගුලට ආපු මරණ දඩුවම නියමවු තාත්තා එක්ක බන්ධනාගාර බස් එකට නැගපු දුවගේ කතාව
Spread the love

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුද්ගලයෙක් තම මිය ගිය බිරිඳගේ අවමංගල උත්සවය සඳහා රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ දියණිය ද බන්ධනාගාර බස් රථයට ගොඩ වූ සංවේදී පුවතක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

2008 වසරේ දී අත්අඩංගුවට පත් ව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයෙකු මියගිය සිය බිරිඳගේ අවසන් කටයුතු සඳහා ඊයේ (18) එලෙස රැගෙනවිත් තිබේ.

කෙසේ වෙතත් අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ස්වාමියා නැවත බන්ධනාගාර රථයට ගොඩවන අවස්ථාවේ දී ඔහුගේ දියණිය ද එම රථයට ගොඩ වී ඇත.

මියගිය කාන්තාවට සහ බන්ධනාගාරව සිටින පුද්ගලයාට දරුවන් දෙදෙනෙක් සිටින අතර මේ වනවිට දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඥාතීන් ඉදිරිපත් ව සිටින බව වාර්තා වේ.