අමිතාබ් – අභිෂේක් – අයිශ්චර්යා සහ ආරාධ්‍යා බච්චන්ටත් කොරෝනා !

අමිතාබ් – අභිෂේක් – අයිශ්චර්යා සහ ආරාධ්‍යා බච්චන්ටත් කොරෝනා !
Spread the love

බොලිවුඩයේ සුප්‍රකට ‘බච්චන් පවුලේ‘ අම්තාබ් බච්චන්, අභිෂේක් බච්චන්, ආයිශ්චර්යා රායි බච්චන් සහ ඇයගේ දියණිය ආරධ්‍යා බච්චන්ට කොවිඩ්-19 ආසානය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සදහන් වෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව අමිතාබ් සහ අභිෂේක් ඊයේ රාත්‍රියේ මුම්බායි හි නැනාවතී රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් රෝහල්ගත කළ පසු අයිශ්වර්යා රායි බච්චන් සහ ආරධ්‍යා බච්චන් ද ආසාදිතයින් බවට හදුනා ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ට්වීට් පණිවුඩයක් නිකුත් කරමින් අභිෂේක් පවසා සිටියේ “අයිශ්වර්යා සහ ආරධ්‍යා ද COVID-19 ධනාත්මක බව පරීක්ෂා කර ඇත. ඔවුන් නිවසේදී ස්වයං නිරෝධායනය කරනු ඇත. BMC ඔවුන්ගේ තත්වය යාවත්කාලීන කර ඇති අතර අවශ්‍ය දේ කරමින් සිටී. මගේ අම්මා ඇතුළු පවුලේ අනෙක් අය ඍණාත්මක ලෙස පරීක්ෂා කර ඇත. වෛද්‍ය නිර්දේශ ලැබෙන තෙක් මාත් මගේ පියාත් රෝහල්ගතව සිටිමු. හැමෝම කරුණාකර ප්‍රවේශමෙන් සිටින්න. කරුණාකර සෞඛ්‍ය නීති අනුගමනය කරන්න. ඔබගේ පැතුම් හා යාච්ඥාවන්ට ඔබ සැමට ස්තුතියි‘‘