අලි අනතුරෙන් ගැබිණිය දිවි බේරා ගනියි…

Spread the love

 

පාදෙනිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව, මොරගොඩ, තේක්ක රක්ෂිතය ඉදිරිපිටදී ගුරුවරියක් වන හත්මස් ගැබිණියක් පැදවූ මෝටර් රථයක් මාර්ගය හරහා ගිය වන අලියෙකුගේ ගැටී වන අලියා මෝටර් රථය මතට ඇද වැටී අනතුරක් සිදුව තිබේ.

තලාව පොලිසිය පැවසුවේ මෝටර් රථයේ ගමන්කල තුන් හැවිරිදි දැරියක් සුළු තුවාල ලබා අද අළුයම ප්‍රතිකාර සදහා තලාව රජයේ රෝහලට ඇතුලත්කල බවයි.

අද අළුයම 05.40 ට පමණ සිදුවූ අනතුරෙන් ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක් වශයෙන් සේවයේ නිරත විමුක්ති මාවත නව නගරය අනුරාධපුර ලිපිනයේ පදිංචි ඩබ්.එස්.වික්‍රමසිංහ (33) හා ඇගේ තුන් හැවිරිදි දියණිය සුළු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

වාසනාවකට මෙන් ඔවුන්ගේ ජීවිතවලට බරපතල අනතුරක් සිදුනොවූවත් ගුරුවරිය ගමන්කල මෝටර් රථයේ ගැටී ඒමතට අඩි දහයක් පමණ උසින් යුතු වන අලියා ඇද වැටීම නිසා කුඩා මෝටර් රථයට බරපතල අලාභ හානී සිදුවි තිබුණි.

ගුරුවරිය අළුයම අනුරාධපුරයේ සිට ගල්නෑව නගරයට ගමන් කරමින් සිටියදී මොරගොඩ ගම්මානයට රාත්‍රීයේ කඩා වැදුනු වන අලින් හය දෙනෙකු ගෙන්යුතු කණ්ඩායමක් විටින් විට නැවතත් විදුලි වැට සහිත මොරගොඩ තේක්ක රක්ෂිතයට ගමන්කර තිබේ.

ඒ අවස්ථාවේ මාර්ගයේ ගමන්කල ගුරුවරියගේ මෝටර් රථය පස්වන අලියාගේ ගැටෙන අයුරු වන අලින් ගම්වැදි ආපසු යන අයුරු ජංගම දුරකථනයකින් රූගත කල ගම්වැසියෙකු ජංගම දුරකථනයේ තිබූ දර්ශන වලින් දක්නට ලැබුණි.

අනතුරට ලක්ව රථයේ සිරවී බියට පත්ව සිටි ගැබිණි ගුරුවරිය හා කුඩා දැරිය වහාම රෝහල්ගත කිරිමට ප්‍රදේශවාසින් එක්ව කටයුතු කර තිබුණි.

ගම්වැදි නැවතත් ප්‍රධාන මාර්ගය හරහා තේක්ක කැලැයට ගමන්කරන වන අලින්ගේ හැපිමෙන් රථ වාහන වල ගමන්කල පුද්ගලයන් පස් ‍දෙනෙකුට වැඩි පිරිසක් බරපතල තුවාල ලබා තිබේ.

[rns_reactions]