අලූගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීමට නියමිතයි

අලූගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීමට නියමිතයි
Spread the love
මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ නම් ඒ සඳහා අනුමත අලූගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගත යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන අතර බන්ධනාගාර ආරංචි වල එම බඳවා ගැනීමට අවසර ඉල්ලා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ලිඛිතව දැන් වූ බව සඳහන් වේ.
මරණ දඬුවම වැලිකඩ බන්ධනාගාරයේ කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර ඇති අතර මීට පෙර මරණ දඬුවම කි‍්‍රයාත්මක වූයේ බෝගම්බර බන්ධනාගාරයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ පමණි.
එහෙත් බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ ස්ථාපිත කිරීම හේතුවෙන් එහි මෙම දඬුවම කි‍්‍රයාත්මක කිරීමේ පහසුකම් නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 
වැලිකඩ බන්ධනාගාරය සඳහා මීට පෙර අවස්ථා කිහිපයකදී අලුගෝසුවන් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වු බවත් මෙවැනි  සම්මුඛ පරීක්ෂණවලින් තෝරා ගන්නා අලූගෝසුවන් කෙටි කලකින් එම ධුරය හැරයන බවත් බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කරන ලදී.
අලූගෝසු තනතුරු සඳහා මින් පෙර අවස්ථාවකදී දෙදෙනෙකු බඳවා ගැනීම සිදු වූ අතර ඔවුන් පුහුණුව ලබමින් සිටි අතරතුර නිවාඩු ලබා සේවයට ප‍්‍රමාද වී වාර්තා කළැයි ඔවුන් සේවයෙන් නෙරපා ඇති බ‍ෙ වාර්තා වේ.