අවසන් සුසුම් හෙළු ප්‍රින්ස් පිළිබදව දයාන් විතාරණගේ සටහන….

Spread the love

ප්‍රින්ස් ඔබට නිවන් සුව…

අතිශය ජනප්‍රිය ගායකයෙකු වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මීට ටික වෙලාවකට පෙර නවලෝක රෝහලේදී අවසන් සුසුම් හෙළු බව තහවුරු විය .2002 වසරේ මා ගායකයෙක් වන කල ඔහුගේ සීගිරියේ කුරුටු ගීත ගීතය කෙතරම් ජනප්‍රිය වීද යත් එම කැසට් පටය මිළදී ගැනීමට දිගු පෝලිම් තිබු බව මතකය .

අතිශයින් ජනප්‍රිය වූ රසික සිත් දිනා ගත් සංවේදී ගායකයෙකු වුවද අප යන මොහොත ආ විගස අප නික්ම යා යුතුය .කලක් රෝගාතුරව සිටි ප්‍රින්ස්ගේ සුව දුක් බැලීමට මා රෝහලට ගොස් ඔහු වඩාත් සුව අතට හැරෙමින් ඇති බව දන්වා සිටි මගේ මුහුණු පොතේ සටහනට ලැබුනු ප්‍රතිචාර ඉමහත්ය .කෙසේ හෝ ප්‍රින්ස් දැන් අප අතර නැත .වයස 47ක් වැනි කෙටි ආයු කාලයකින් ඔහු නික්ම යෑම කෙතරම් අභාග්‍යයක්ද .ප්‍රින්ස් උදය ප්‍රියන්ත සොයුරාට අමා මහ නිවන් සුව පතමි.

[rns_reactions]