අවිස්සාවේල්ලේ “පාන් ඇතා” මියයයි

අවිස්සාවේල්ලේ  “පාන් ඇතා” මියයයි
Spread the love

විස්සාවේල්ල ජනතාව අතර ප‍්‍රකට පාන් ඇතා මියගොස් ඇත. කාන්ති නම් වූ මෙම ඇතින්න දින කිහිපයක් රෝගාතුරව සිට ඇති බව වාර්ථා විය. 

කබොලූමුල්ල පත්තිනි දේවාලයට අයත්ව සිටි වයස අවුරුදු 49 ක් වූ මෙම ඇතින්න දිවයිනේ  ඕනෑම පෙරහැරකට සහභාගි කරවා ඇත්තේ කිසිදු මුදල් අය කිරීමකින් තොරවයි. ප‍්‍රදේශවාසීන් පවසන්නේ වෙළදසැල් අසලට පැමිණෙන මෙම ඇතින්න පාන් ආහාරයට ගැනීමට පුරුදුවී සිටි බැවින් පාන් ඇතා ලෙස ප‍්‍රකට වු බවයි. 

ඇතින්නගේ අවසන් කටයුතු කබොලූමුල්ල පත්තිනි දේවාල භූමියේදී අද (24) සිදු කිරීමට නියමිතයි.