අවුරුදු 62කේ අත්තම්මාට අතවර කෙරූ 31 හැවිරිදි එක්දරු පියාට වැඩ වරදී

අවුරුදු 62කේ අත්තම්මාට අතවර කෙරූ 31 හැවිරිදි එක්දරු පියාට වැඩ වරදී
Spread the love

වයස අවු. 62ක කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමු අතිරේක මහේස්ත්‍රාත් ආර්. ජී. එන්. කේ. රන්කොත්ගේ මහත්මිය නියෝග කළාය.

රක්ෂිත බන්ධනාගාර ගත වූයේ උ.පිටිපන මීගමුව පදිංචි තිස් හැවිරිදි එක් දරු පියෙකි.

පැමිණිලිකාරියගේ පුතුට බෝට්ටු පහක් ඇත. එම බෝට්ටුවල සේවය කරන ධීවර වෘත්තිකයෝ එම නිවසට යාම ඒම කරති. නිවසේ කිසිවකු නැති මොහොතක සැකකරු පැමිණ හදිසි ඇමතුමක් ගැනීමට ජංගම දුරකථනයක් පැමිණිලිකාරියගෙන් ඉල්ලා ඇත.

පැමිණිලිකාරිය මුළුතැන් ගෙයි සිට නිවසේ කාමරයට ගිය මොහොතේ  සැකකරු පිටුපසින් පැමිණ ඇගේ සිරුර ස්පර්ශ කරමින් විවිධ අතවර කර තිබේ. ඇය කෑගසන විට සැකකරු ඇයගේ කටට අත දමා ශබ්දය පිටතට යාම නැවැත්වීමට උත්සහ කර ඇත. ඇය සැකකරුගේ අත මේ අවස්ථාවේ සපා ඔහුට තුවාලද සිදුව තිබේ. අසල්වැසියන් කාන්තාවගේ කෑගැසීමට පැමිණ සැකකරු අල්ලාගෙන ඇත.

පැමිණිලිකාරියට සුළු සීරීම් සහිත තුවාල සිදුව තිබුණ බව ‍පොලීසිය අධිකරණයට වාර්තා කළේය.