“ආවා” එපා… යාපනය ග්‍රාමසේවක වරු වර්ජනයක

“ආවා” එපා… යාපනය ග්‍රාමසේවක වරු වර්ජනයක
Spread the love

ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් යාපනය කෝපායි බලප්‍රදේශයේ සියලුම ග්‍රාමසේවක වරුන් ක්ෂේත්‍ර රාජකාරි කටයුතු වලින් ඉවත්ව (01) උදෑසන සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු වල නිරතව සිටිති.

පසුගිය 29 වනදා යාපනයේ නිවාස 4කට පහරදීමක් සිදු වූ අතර එම පහරදීම සිදු වූ නිවාසවලින් එක් නිවසක ග්‍රාමසේවක කාර්යාලයක්ද පවත්වාගෙන ගොස් තිබූ අතර අදාල පහරදීමේදී ග්‍රාමසේවක කාර්යාලයේ බඩු බාහිරාදිය සියල්ලක්ම විනාශ කොට තිබුණි.

අදාල ප්‍රහාරයට විරෝධය පෑමක් වශයෙන් හා ආවා ක්‍රියාකාරකම් මැඩලීමට පොලීසිය ඉක්මන් පියවර ගත යුතු බව පවසමින්ද 01 උදෑසන සිට කෝපායි බල ප්‍රදේශයේ ක්ෂේස්ත්‍ර රාජකාරි කටයුතු සිදුකරන සියලුම ග්‍රාමසේවක නිලධාරීවරුන් නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කටයුතු සිදු කරනු ලැබීය.

මේ අනුව ග්‍රාමසේවක නිලධාරීන් ගම්මාන වෙතට අද දිනයේදී නොපැමිණීම හේතුවෙන් ගම්වාසීන් රැසකට දුෂ්කරතා සඳහා මුහුණ පෑමට සිදුවූහ.