ආවා කල්ලි නායකයෙක් අල්ලයි

ආවා කල්ලි නායකයෙක් අල්ලයි
Spread the love
යාපනයේදී පුද්ගලයින්ව කඩුවලින් කපා කොටා තුවාල සිදුකරමින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගන්නා කල්ලි දෙකකට අයත් සාමාජිකයින් දස දෙනෙකු යාපනයේ විවිධ ස්ථානවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අය ළග තිබී අපරාධ සඳහා භාවිත කළ යතුරු පැදියක්, කඩු, පිහි, යකඩ පොලු ආදිය සහ විවිධ මොට ආයුධ තිබී සොයා ගෙන ඇති අතර මෙම සාමාජිකයින් දස දෙනාගෙන් හය දෙනෙකු ”ආවා” කල්ලියේ සාමාජිකයින් බවටත් අනෙක් හතර දෙනා ”ධනු රොක්” කල්ලියේ සාමාජිකයින් බවටත් පොලීසියට තොරතුරු ලැබී ඇති අතර අත්අඩංගුවට පත් පිරිස අතර ”ආවා” කල්ලිය මෙහෙයවන ලද පුද්ගලයෙකුද සිටින බවයි වාර්තා වේ.
”ආවා” කල්ලිය මෙහෙයවන ලද බව කියන තැනැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන ඔහුව පොලිස් වාහනයක් කරා රැගෙන යන අවස්ථාවේදී යාපනයේ වැසියන් පිරිසක් ඔහුට පහරදීමට සූදානම් වී ඇති අතර පොලීසිය ඔහුව ආරක්ෂා කරගෙන ඇත්තේ මහත් පරිශ්‍රමයක් දරමිනි.
අත්අඩංගුවට පත් පිරිස වයස අවුරුදු 19 හා 23 අතර වයස් කාණඩවල පසුවන්නන් බවත් සඳහන් වේ.