ඇමෙරිකානු මැතිවරණය 2020 ප්‍රතිඵල: ප්‍රාන්ත 18ක ප්‍රතිඵල නිකුත්වී අවසන්

ඇමෙරිකානු මැතිවරණය 2020 ප්‍රතිඵල: ප්‍රාන්ත 18ක ප්‍රතිඵල නිකුත්වී අවසන්
Spread the love

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරමින් පවතින අතර ඇතැම් ප්‍රාන්තවල ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත. මේ වන විට (04) පෙ.ව 08.00) ප්‍රාන්ත 18ක ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 89ක් සහ රිපබ්ලිකන් අපේක්ෂක, වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 72 දෙදෙනකු දිනාගෙන ඇත.

2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතැම් ප්‍රාන්තවල අවසන් වෙද්දී ඡන්ද ගණන් කිරීම ක්‍රියාත්මක වෙමින් පවතී. එසේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ ප්‍රාන්ත අතරට උතුරු කැරොලයිනා , බටහිර වර්ජිනියා සහ ඔහායෝ අයත් වේ.

එම ප්‍රාන්ත අතරින් උතුරු කරොලයිනා ප්‍රාන්තයට ඡන්ද විද්‍යාලය තුළ ඡන්ද 15ක් හිමි අතර ඔහායෝ ප්‍රාන්තයට ඡන්ද විද්‍යාලය තුළ ඡන්ද 18 ක් පවතී. බටහිර වර්ජීනියා ප්‍රාන්තයට ඡන්ද විද්‍යාලය තුළ හිමි ඡන්ද ගණන 5 කි.

ඔහායෝ, ඇමරිකානු ජනාධිපතිවරණ ඡන්ද ඉතිහාසය තුළ තරගකාරී ප්‍රාන්තයක්ව පවතී. සම්ප්‍රදායිකව ඔහායෝ ප්‍රාන්තය තුළ පරාජය වන සෑම රිපබ්ලිකන් පාක්ෂිකයෙකු ම ජනාධිපති ධුරය සඳහා වන තරගය පරාජයට පත්ව ඇත.

ජනාධිපති ට්‍රම්ප් සිය ප්‍රචාරණ වැඩපිළිවෙල තුළදී වැඩි වශයෙන් චාරිකා කළ උතුරු කරොලයිනා ප්‍රාන්තය ප්‍රධාන පෙළේ දෝලනය වන ප්‍රාන්තයක් බවට මතුවෙමින් පවතින අතර ජනාධිපතිවරයාගේ එම සංචාර කෙතරම් දුරට ඵල දරා ඇත්ද යන්න විමසා බැලීමට මෙය අවස්ථාව වේ.

ෆ්ලොරිඩා හි මුල් ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර එය මිශ්‍ර ප්‍රතිඵල බවට පෙන්නුම් කරයි

ෆ්ලොරිඩා හි නැගෙනහිර කාල කලාපයේ ඇති ප්‍රදේශවල ප්‍රථිපල කඩිනමින් වාර්තාවීමට පටන්ගෙන ඇත. එය මිශ්‍ර ප්‍රතිඵලයක් බවට පෙන්නුම් කෙරෙන බැවින් දෙපාර්ශවයටම හොඳ සහ නරක ආරංචියක් වී තිබේ.

ටම්පා බේ ආසන්න බටහිර වෙරළ තීරයේ ජනාකීර්ණ ප්‍රදේශයක් වන පිනෙල්ලාස් වැනි ස්ථානවල බයිඩන්, හිලරි ක්ලින්ටන්ගේ 2016 ප්‍රතිපල ප්‍රතිඵල ඉක්මවා යමින් තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 දී එම ප්‍රදේශය දිනා ගත්තේ සියයට 1 කිනි. ඇස්තමේන්තුගත ඡන්ද ප්‍රතිශතය 75% ක් වන අතර, බයිඩන් 52% සිට 46% දක්වා ඉදිරියෙන් සිටිනුයේ ඡන්ද 248,620 කිනි. මීට වසර හතරකට පෙර ඡන්ද 239,201 ක් ලබා ගනිමින් ට්‍රම්ප් එම ප්‍රදේශය ජයග්‍රහණය කළේය.

කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් බලකොටුවක් වන මියාමි-ඩේඩ් හි දී, ට්‍රම්ප් තමන්ගේ 2016 ලබාගත් ඡන්ද ප්‍රමාණය අහිබවා යමින් සිටී. බයිඩන් 84% ක් වාර්තා කිරීමත් සමඟ ඉදිරියෙන් සිටින්නේ 54% සිට 45% දක්වා වූ මායිමකිනි. ක්ලින්ටන් එවර 63% සිට 33% දක්වා වූ සීමාවකින් ජය ගෙන තිබිණි.

නූතන එක්සත් ජනපද දේශපාලනයේ එක් මූලික රීතියක් තිබේ නම්, එය ෆ්ලොරිඩාව මුලිකව වනු ඇත – මේ වසරේදීත් එහි වෙනසක් නැත. කෙසේ වෙතත්, එය මේ වසරේදීත් තීරණාත්මක වීම පුදුමය සහගත විය හැකිය.