ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධව හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් වන විජේතුංග තිලකරත්නව අත්අඩංගුවට

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධව හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් වන විජේතුංග තිලකරත්නව අත්අඩංගුවට
Spread the love

ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශන සමිබන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් වන විජේතුංග තිලකරත්න යන අයව පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගන්නා ලද හිටපු හමුදා කර්නල්වරයාව අද (29) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.