මඳ වේලාවකට පෙරාතුව යම් අන්තවාදී ත‍්‍රස්ත සාමාජික කණ්ඩායමක් විසින් ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මැදුර ඉලක්ක කර මෝටාර් ප‍්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඒ ජනාධිපති අෂ්රෆ් ඝානි හෙට දිනට නියමිත ‘ඊද් අල් හදා‘ හෙවත් ‘හජ්ජි උත්සවය‘ වෙනුවෙන් සිය ‘ඊද් පණිවුඩය‘ සජීවීව රූපවාහිනී මාධ්‍ය මඟින් නිකුත් කරමින් සිටිය දී ය.
තවමත් සිදුවූ හානි හා මරණ පිළිබඳ වාර්තාවක් නිකුත් වී නැත. මෙම ප‍්‍රහාරයට වග කිව යුතු පාර්ශවය තලෙයිබාන් ත‍්‍රස්තයින් ද නැද්ද යන්න ද තවමත් සොයා ගෙන නැත. කෙසේවෙතත් මෙම ප‍්‍රහාරය එල්ල වූවා යැයි සැලකෙන කාබුල්හි ඊද් ගා පල්ලියට පිටුපස ගොඩනැඟිල්ලේ සැඟව සිටින ත‍්‍රස්තයින් සමඟ ආරක්ෂක අංශ සටන් වදිමින් සිටියි.