බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බවත්, විශේෂයෙන් කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මි.මි. 100 ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක් දුරට වර්ධනයක් බලාපොරොත්තුවන බවත් ඔවුන් කියා සිටියි.
එසේම නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් විශේෂයෙන් සවස්කාලයේදී වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව අද (02) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන්ය.
වැසි ඇතිවන අවස්ථා වලදී දිවයින හරහාවිටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවන බවත් කියවේ.
[rns_reactions]