ලන්ච්ෂීට් සහ ෂොපින් බෑග් නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කන්ටේනර් 40 කට අධික ප්‍රමාණයක් මේ සතිය තුළ දී කොළඹ වරායට පැමිණීම මත ඒවායේ නිෂ්පාදන පිරිවැය බොහෝදුරට අඩුවන නිසා දැනට වැඩි මිලක් යටතේ අළෙවි කෙරෙන නියමිත ප්රමිතීන් වලට අනුව සැකැසුණු ලන්ච්ෂීට් සහ ෂොපින් බෑග් මිල ඉදිරි දෙසතිය තුළ හැකිතාක් පහළ හෙළීමට කටයුතු කරන බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්රතිචක්රීකරන්නන්ගේ සංගමයේ ලේකම් අනුර හේරත් මහතා කියයි.
පසුගිය කාලයේ වෙළඳපොළට නිකුත් කර තිබෙන ලන්ච්ෂීට් එකක මිල රුපියල් 2.50 දක්වාත් ෂොපින් බෑග් එකක මිල රුපියල් 2.30 දක්වාත් ඉහළ දැමීමට සිදුව ඇත්තේ අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ පමාවක් නිසා බවත් එම සුළු මිල වැඩිවීම ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ දැමීමට හේතුවක් කර ගැනීම කෙසේවත් සාධාරණ නොවන බවත් ඉදිරි සතිය තුළ එම මිල ඉහළ දැමීම නතරකිරීමට සිදුවන බවත් පැවසීය.