උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ‘අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට‘ ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් සී.එන්.එන් වෙත පැවසීම සමග ලෝකයේම අවධානය උතුරු කොරියාව වෙත යොමුව තිබෙනවා.
කිම් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලෝක අවධානය යොමු වුණේ උතුරු කොරියාවේ ආබාධිතයින් මෙහෙයවනු ලබන විශේෂ වෙබ් අඩවියක් වන Daily NK ප්‍රධාන සංවත්සර උත්සවයකට කිම් උන් නොපැමිණි නිසයි. කිම් උන් පසුගිය 12 වන දින ශල්‍යකර්මයකට මුහුණ දුන් බව වාර්තා වූ අතර ඔහු කුම්ගාං කන්ද නිවාඩු නිකේතනයේ විවේක සුවයෙන් සිටින බව ද වාර්තා වුණා.
කිම් උන් බරපතළ ලෙස අසනීපව සිටින බවට වන පුවතට තටු ලැබීමට තවත් හේතුවක් වූයේ උතුරු කොරියාවේ නිර්මාතෘ සහ කිම්ගේ සීයා වන කිම් ඉල් සුංගේ උපන්දිනය (එය ජාතික නිවාඩු දිනයකි) වන අප්‍රේල් 15 වන දින රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය විසින් බෙදාගන්නා ලද ඡායාරූපවල කිම් උන්ගේ කිසිදු ලකුණක් නොවීමයි.
කිම්ගේ තත්ත්වය පිළිබඳ දැනුමක් ඇති එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් සීඑන්එන් පසුගිය දා වාර්තා කළේ 36 හැවිරිදි උතුරු කොරියානු නායකයා “බරපතල අනතුරක” සිටින බවයි.
මේ අතර උතුරු කොරියාවේ පසමිතුරා වන දකුණු කොරියානු රජයේ ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට පැවසුවේ කිම් “බරපතල අනතුරකට grave danger” ලක්ව ඇති බවට වාර්තා සත්‍ය නොවන බවයි. මේ අතර දකුණු කොරියානු ජනාධිපති මන්දිරය කියා සිටියේ උතුරෙන් අසාමාන්‍ය සලකුණු නොමැති බවයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ජෙන් ෂුවාං අද දින පැවැති දෛනික සාකච්ඡාවකදී කියා සිටියේ කිම්ගේ සෞඛ්‍යය පිළිබඳ වාර්තා තමන් දන්නා නමුත් එහි මූලාශ්‍ර ගැන කිසිවක් නොදන්නා බවයි.
ජෙන් ෂුවාං ඊට වැඩිපුර යමක් විස්තර කළේ නැත.
මේ අතර උතුරු කොරියාව සමඟ කටයුතු කරන චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසුවේ කිම් බරපතල ලෙස රෝගාතුර වූ බව තමා විශ්වාස නොකරන බවයි.

මේ අතර මධ්‍යස්ථ වාර්තා සදහන් කරන්නේ උතුරු කොරියාවෙන් ලැබෙන ‘අවම‘ වාර්තා ගැන පවා වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බවයි. විශේෂයෙන් රටේ නායකත්වය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් මෙය වඩාත් අදාළ බව ඔවුන් කියයි.
උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බටහිර මාධ්‍ය පුනපුනා වාර්තා කරද්දී උතුරු කොරියාවේ ඒකාධිපති ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක Korea Risk Group හි ප්‍රධාන විධායක චැඩ් ඕ කැරොල් Chad O’Carroll, ප්රවේශම්කාරී සටහනක් තැබීය.
“පසුගිය සතියේ 15 වැනිදා උතුරු කොරියානු ජනතාවට නිවාඩු ලබා දී ඇති අතර, කිම් ජොන් උන් පසුගිය සතියේ අතුරුදහන් වීම නියත වශයෙන්ම සැලකිය යුතු කරුණකි. නමුත් මේ වන විට ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ බොහෝ කටකතා පවතින බව පිළිගත යුතුය. 2014 දී කේ.ජේ.යූ අතුරුදහන් වූ විට අප අසා ඇති දේවල් නැවත යථා තත්ත්වයට පත් කරයි.”
කිම් ජනවාරි සහ පෙබරවාරි මාසවල තුන් වතාවක් සහ මාර්තු මාසයේදී හය වතාවක් ප්‍රසිද්ධියේ පෙනී සිටි බව ඔහු සඳහන් කළේය. මේ දක්වා අප්‍රේල් මාසයේදී ඔහු තුන් වතාවක් පෙනී සිට ඇත.

අධික බර, දුම් පානය කරන්නා
කිම් අධික බරින් යුක්ත වන අතර අධික දුම්පානය සහ අධික වැඩ කිරීම හේතුවෙන් මෑත මාසවලදී ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහී ඇති බව Daily NK පවසයි.
“මගේ අවබෝධය නම්, ඔහු පසුගිය අගෝස්තු මාසයේ සිට අඝාතය සමඟ පොරබදමින් සිටි නමුත් නැවත වරක් පෙක්ටු කන්ද Mount Paektu,නැරඹීමෙන් පසුව එය නරක අතට හැරුණි” යනුවෙන් Daily NK වැඩි දුරටත් වාර්තා කළේය.
උතුරු කොරියානු නායකයා අප්‍රේල් 11 වන දින පැවති පාලක කම්කරු පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක මුලසුන හෙබවූ අතර පසුවරෝහල් ගත විය.
පසුගිය සතියේ උතුරු කොරියාව විසින් කෙටි දුර මිසයිල කිහිපයක් එල්ල කළ අතර එය කිම් ඉල් සුංගේ Kim Il Sung උපන්දින සැමරුමේ කොටසක් බව සෝල් බලධාරීහු පැවසූහ. එවැනි මිලිටරි සිදුවීම් සාමාන්‍යයෙන් කිම් විසින් නිරීක්ෂණය කරන නමුත් මෙවර එම පරීක්ෂණය පිළිබඳ KCNA වාර්තාවක් කිසිසේත් නොතිබුණි.
උතුරු කොරියාවේ වත්මන් නායක කිව් උන් යනු පරම්පරාගත නායකයෙකි (ඔහුගේ සීයා සහ පියා රට පාලනය කළේය- එය පවුල් පාලනයක් ඇති රටකි) ඔහු උතුරු කොරියාව යකඩ හස්තයකින් පාලනය කරයි. ඔහු 2011 අග භාගයේ සිට රාජ්‍ය නායකයා සහ හමුදාපති ලෙස කටයුතු කරයි.

මෑත වසරවලදී කිම් තමන් ලෝක නායකයෙකු ලෙස මවා පෑම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් දියත් කර ඇති අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ රැස්වීම් තුනක් ද, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් සමඟ සාකච්ඡා 4 ක් ද, චීනයේ ජනාධිපති ෂී ජින් පිං සමඟ සාකච්ඡා 5 ක් ද පවත්වා තිබේ.
දකුණු කොරියානු දේශ සීමාව පසු කළ පළමු උතුරු කොරියානු නායකයා ඔහු විය. එය 2018දී සිදු වූ අතර කිම් උන් සිය දේශසීමාව පසුකර දකුණු කොරියාවට පැමිණ එරට ජනපතිවරයා හමුවිය.
1950 -53 කොරියානු යුද්ධය සාම ගිවිසුමක් නොව අවි බලයෙන් අවසන් වූ බැවින් උතුරු සහ දකුණු කොරියානු රාජ්‍ය දෙක අතර අඛණ්ඩව මත ගැටුම් හා එදිරිවාදිකම් පවතී.
කිම් තම රටට එරෙහි ජාත්‍යන්තර සම්බාධක ලිහිල් කිරීමට උත්සාහ කර ඇති නමුත් එක්සත් ජනපදයේ ස්ථිර ඉල්ලීමක් වන ඔහුගේ න්‍යෂ්ටික අවි වැඩසටහන අහෝසි කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
යම් ආකාරයකින් කිම් මිය ගියහොත් ඔහුගේ සොහොයුරිය බලයට පත්වනු ඇතැයි විශ්වා කෙරේ.

අල් ජසීරා වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි