මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට නිවසට යමින් සිටි මුලතිව් ප‍්‍රදේශයේ පදිංචි සිසුවියක පැහැර ගෙන ගොස් අතවර කළ බව කියන උතුරු පළාතේ යොවුන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු සහ ඔහුගේ මිතුරකු පුදුකුඩිඉරිප්පු පොලිසිය මගින් ඊයේ (22 ) අත්අඩංගුවට ගෙන ඇත. මෙම යොවුන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා සිසුවිය පැහැර ගෙන ගොස් ඇත්තේ පලෙයි පිහිටි ඔහුගේ නිවසටය.
සැකකරු කාලයක් මෙම සිසුවිය සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව සිසුවිය ඔහු අත්හැර ඇති බව පොලිසිය කියයි. ප්‍රේමය බිඳ වැටීමේ පලිය ගැනීමට තරුණයා මෙසේ සිසුවියට අතවර කර ඇති බවට පොලිසිය සැක කරයි.
දැරිය පැහැරගෙන යැමට යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඔහුගේ මිතුරන් හය දෙනකු පමණ සහාය දී ඇතැයිද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.