මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අදාළ විභාග කාලසීමාව තුළ දී විශේෂ බස් රථ සේවා යොදවන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කරයි.
ඒ වෙනුවෙන් බස් රථ 770ක් යෙදවීමට නියමිත අතර අදාළ බස් සේවා සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්නම් 011 – 7 555 555 දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ද ඉල්ලීමක් කෙරේ.
මෙවර උසස් පෙළ විභාගය ලබන සදුදා (06) ආරම්භ වන අතර සැප්තැම්බර් 01 වනදා දක්වා පැවැත්වේ. එසේම මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා (05) පැවැත්වෙනු ඇත.
