”මගේ දරුවට මව්කිරි ටික පවා නැතිවුණා”
”අපි සෙක්ස්වලින් කරල දේවල් වයිෆ්ට අහන්න සලස්වලා තිබුණා”
”ඊට පස්සේ එයා දික්කසාද නඩුවක් දැම්මා”
ඌරගස්මංහන්දිය, පරප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක වූ සුරංගි සඳමාලිට අකාලයේ ජීවිතයෙන් සමුගැනීමට සිදුවන්නේ ඇගේ රූ සපුවට ලොල් වූ තරුණයෙක් ඇසුරු කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.
පසුගිය 12 වැනි දා ඇය ඝාතනයට ලක්වන අතර, රිය අනතුරකට ලක් ව මියගිය බව පැවසෙන තරුණියක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට වන පුවත බලපිටිය රෝහලෙන් ඌරගහ පොලිසියට ලැබෙන්නේ එදින රාත්‍රී 12.00ට පමණ ය.
රිය අනතුරකට ඇය ලක් වූ බව ඇයව රෝහලට භාරදුන් වෑන් රථයකින් ආ තරුණයා පවසා ඇති නමුත් ඇගේ සිරුරේ කිසිදු තුවාලයක් දක්නට නොතිබුණි. එම වෑන් රථයේ අංකය රෝහල් ආරක්ෂක අංශය විසින් පොලිස් මුරපොළට ලබා දී තිබූ අතර ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරින්ට සඳමාලිගේ මෙම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය.
වාහනයේ අංකයට අදාළ තොරතුරු අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් ඌරගහ, පරප්පුව, මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි තිලාන් නැමති තරුණයාගේ නිවස බලා ගොස් තිබුණු අතර ඒ මොහොතේ ඔහු නිවසේ නොසිටි නමුත් ඊට පසුදිනම ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.
අනතුරුව මරණය පිළිබඳ සියලු තොරතුරු හෙළිකරමින් ඔහු කියා සිටියේ සඳමාලිට පහරක් ගැසුවේ ඇය මරණයට පත් කිරීමේ අරමුණින් නොව ඇය මෙල්ල කිරීම සඳහා බවයි.
සඳමාලිට තිලාන්ව මුණ ගැසෙන්නේ මීට වසර 04කට පමණ පෙර ය. ඒ සඳමාලි ඇතුළු ඇගේ මිතුරියන් පිරිසක් තිලාන්ගේ වෑන් රථයෙන් මහනුවරට විනෝද චාරිකාවක් ගිය අවස්ථාවක ය. ඉන්පසු ඔවුන් පෙම්වතුන් විය. එහෙත් තිලාන් එක්දරු පියෙක් වුවත් ඔවුන් දෙදෙනා අතර ඇති වූ සම්බන්ධය ලැගුම්හල්වලට ගොස් ලිංගික ආශා සංසිඳවා ගන්නා තෙක් දුරදිග ගොස් තිබිණ. තිලාන් ඒ පිළිබඳ පවසා තිබුණේ මෙලෙසිනි.
”ඒ වෙද් දී පවුලට දරුවා ලැබිලා අවුරුද්දක්වත් නෑ. මමයි සඳමාලියි දවසක් කාමරේකට ගිහින් ඇඳේ ඉන්දෙද් දී එයා මගේ වයිෆ්ගේ ෆෝන් එකට කෝල් එකක් අරන් අපි සෙක්ස්වලින් කරල දේවල් වයිෆ්ට අහන්න සලස්වලා තිබුණා.”
”එදා මම ගෙදර යද්දී වයිෆ් මාව දාලා යන්න ලෑස්ති වෙලා. මමයි දරුවයි දෙන්නම එපා කියලා එයා යන්න ගියා. ඊට පස්සේ එයා දික්කසාද නඩුවක් දැම්මා. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. තවම තීන්දුව ලැබුණේ නැහැ.”
”මගේ දරුවට මව්කිරි ටික පවා නැතිවුණා. ඒත් මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මගේ අම්මගෙයි තාත්තගෙයි උදව්වෙන් මම දරුවා හදා ගත්තා.”
”මට හම්බෙනකොටත් සඳමාලි කන්‍යාවක් නෙවෙයි. ඒ නිසා බයක් සැකයක් නැතිව මාත් එක්ක කාමරවලට ගිහින් හැමදේම කරන්න ඉඩදීලා හිටියේ.”
”එයා මගේ ජීවිතේට මෙච්චර දෙයක් කරලත් මම එයාට ආදරෙන් හිටියා. ඔය අතරේ මීට අවුරුදු දෙකකට විතර කලින් එයාගේ අම්මයි තාත්තයි මාවයි එයාවයි කොළඹ එක්කගෙන ගිහින් බන්දලා දුන්නා”
තිලාන් පෙර විවාහයෙන් නීත්‍යානුකූලව වෙන් වී නොසිටි බැවින් සඳමාලි සමග ඔහුගේ විවාහයේ පවත්නා නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න තිබුණු අතර ඔවුන් දෙදෙනා එම විවාහයෙන් පසුව වුවත් එක නිවසක පදිංචි නොවූයේ මන්දැයි යන ප්‍රශ්නයට තිලාන් ලබාදී තිබුනේ මෙවැනි පිළිතුරකි.
”මාත් එක්ක යාළු වුණාට පස්සේ එයා තව කොල්ලෝ තුන් දෙනෙක් එක්ක යාළු වෙලා මට අතටම අහුවුණා. ඒ නිසා අපි දෙන්නා අතරේ දිගටම රණ්ඩු ඇතිවුණා.”
”හැම ඉරිදාම එයා මාව හම්බෙන්න ආවත් ගිය ඉරිදා එයා අවෙ නෑ. ෆෝන් කෝල් ආන්ස්වර් කළෙත් නෑ. මට බයික් එකක යන සද්දයක් ඇහුණා. පස්සේ බලද්දි ෆෝන් එක ඕෆ්. මේ නිසා මට ගොඩක් සැක හිතුණා.”
”සිද්ධිය වෙච්ච දවසෙ මම එයාව වෑන් එකේ පිටිපස්සෙන් නග්ගගෙන ඉරිදා වෙච්ච දේ ගැන ඇහුවා. එයා මාත් එක්ක රණ්ඩුවට ආවා. පිටිපස්සේ ෂීට් එකේ ඉඳන් එයා මට ගැහුවා. මමත් ගැහුවා.”
”ඉන්පසු දෙදෙනා අතර සිදුවූ ගුටිබැට හුවමාරුව බොහෝ දුරදිග ගොස් තිබේ. අනතුරුව තිලාන් සිය අතට හසු වූ යකඩ කූරක් ගෙන සඳමාලිගේ හිසට පහර දී ඇති බව පැවසේ. එයින් සඳමාලි තරමක් මෙල්ල වී රථයේ අසුන මත දිගාවී ඇති අතර ඇගේ දීර්ඝ නිහඬ බව හමුවේ කලබලවන තිලාන් ඇගේ මුහුණට වතුර ඉස ඇයව සිහි ගන්වන්නට බොහෝ උත්සාහ දැරුවත් එය සාර්ථක නොවුණු තැන ඇයව රෝහලට ගෙන ගොස් භාර දී තිබුණේ මේ තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බවත්, බයික් එකකින් යද් දී සිදුවූ ඇක්සිඩන්ට් එකකින් ඇයට සිහි නැති වූ බවත් පවසමින් ය.
රෝහලට තමන්ගේ නම සහ ලිපිනය ලබා දුන් බවත් තිලාන් පවසා තිබුණි.
තිලාන් එසේ පැවසුවත් සඳමාලි රෝහලට රැගෙන එන අවස්ථාවේ ඔහු තුළ වූ ව්‍යාකූලත්වය නිසා රෝහල් ගේට්ටුවේ මුරකරු සමග ද බහින් බස්වීමක් සිදු ව ඇති අතර වෑන් රථයේ අංකය ලියාගෙන තිබුණේ ඉන්පසුවයි. කෙසේ වුවත් සඳමාලිගේ මරණයට සැකපිට ඔහු අත්අඩංගුවට පත් ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටියත් ඔහු අමතක කළ ඔහුගේ දරු පැටියා ගැන අසන්නට ලැබෙන්නේ අතිශය සංවේදී කරුණකි.
එනම් ඔහුගේ දරුවා ලබන වසරේ පාසල් යෑමට සූදානමින් සිටීම ය. සඳමාලිගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවුණේ ඇගේ හිසට මොට ආයුධයකින් සිදුකළ පහරදීමකින් මොළයට සිදු වූ හානි හේතුවෙන් ඇගේ මරණය සිදුව ඇති බවයි.
ලිංගික ආශාවන්ට ලොල්ව තිලාන් සහ සඳමාලි අතර පැවති අනියම් සබඳතාව එසේ නිමවූයේ ඔවුන්ගේ සමීපතමයින්ට සදාකාලික දුකක් උරුමකරමිනි.