එල්ලුම් ගහට නියම කර සිටින රත්නපුරේ ‘චොකා මල්ලි දැන් ප.ම’

එල්ලුම් ගහට නියම කර සිටින රත්නපුරේ ‘චොකා මල්ලි දැන් ප.ම’
Spread the love

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත‍්‍රික් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (08) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

බන්ධනාගාරගතව සිටින ජයසේකර මහතා අද බන්ධනාගාර නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට රැුගෙන ආ අතර අද පස්වරු එකට පාර්ලිමේන්තු රැස්වීමට ආරම්භ වීමෙන් මෙම දිවුරුම්දීම සිදුවිය.

සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනා මෙම දිවුරුම්දීමට විරෝධය පළ කරමින් කළු සාටක පැළඳ පාර්ලිමේන්තු සභාවට පැමිණ අතර ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේ කෑකෝ ගසමින් ඊට විරෝධය දැක්වූහ.