

කතරගම වන්දනාවේ යමින් සිටි වන්දනාකරුවන් රැුගත් වෑන් රථයක් අද (9) අලුයම මත්තල – කතරගම මාර්ගයේ ලුණුගම් වෙහෙර 22 කණුව ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය ප‍්‍රකාශ කළේය.
රියදුරුට රථය පාලනය කරගත නොහැකිව රථය මාර්ගයෙන් ඉවතට පලු ගසක වැදීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව සදහන් කළ ලුණුගම්වෙහෙර පොලිසිය තුවාලකරුවන් තිදෙනා හම්බන්තොට හා දෙබරවැව රෝහල්වලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන බව ද සදහන් කළේය.
වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.

