කන්කසන්තුරේ අධිආරක්‍ෂිත කලාපයේ අක්‌කර 4.2 ක්‌ දිසාපතිට භාරදෙයි

කන්කසන්තුරේ අධිආරක්‍ෂිත කලාපයේ අක්‌කර 4.2 ක්‌ දිසාපතිට භාරදෙයි
Spread the love

යාපනයේ කන්කසන්තුරේ අධි ආරක්‍ෂිත කලාපයට හසුව තිබූ ඉඩම් අක්‌කර 4.2 ක ප්‍රමාණයක්‌ 21 වැනිදා නිදහස්‌ කොට යුද හමුදාව විසින් දිසාපතිවරයා වෙත භාරදී තිබේ.

යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්‌ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය කන්කසන්තුරය මධ්‍යම ග්‍රාමයේදී ඉඩම් සම්බන්ධයෙන් වූ නිල ලියවිලි භාරදීම සිදුකෙරිණි.

යුද්ධය හේතුවෙන් අවතැන් කඳවුරු තුළ හා වෙනත් ස්‌ථානයක වසර 30 කට වැඩි කාලයක්‌ පදිංචිව සිටි ජනතාවට අයත් ඡේ 234 කන්කසන්තුරය මධ්‍යම ග්‍රාම සේවා වසමට අයත් මුල් ඉඩම් එලෙස නැවත පවරාදීම සිදුකෙරිණි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජනරාල් දර්ශන හෙට්‌ටිආරච්චි මහතා විසින් යාපනය දිස්‌ත්‍රික්‌ ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා වෙත ඉඩම් පැවරීම සිදුකරනු ලැබීය.

මෙම වැඩසටහන් අවස්‌ථාවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා සමග අතිරේක දිස්‌ත්‍රික්‌ ලේකම් එස්‌. මුරලිදරන් මහතා එස්‌. ශ්‍රීවාශ්‍රී මහතා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.