කන්දකාඩුවෙන් කොවිඩ් ආසාදිතයින් 60 හමුවීම සමග ලංකාවේ අවධානම යළි ඉහළට

කන්දකාඩුවෙන් කොවිඩ් ආසාදිතයින් 60 හමුවීම සමග ලංකාවේ අවධානම යළි ඉහළට
Spread the love

අද (9) දින ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 60 දෙනකු හදුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප.ව 20.07ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වේ.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2154ක් වන අතර මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 164කි.

දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 45 දෙනකු වන අතර සුවය ලබා පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 1979කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ වැඩි දුරටත් දැක්වෙන්නේ පසුගිය අප්‍රේල් මස 30 වැනිදායින් පසු සමාජයෙන් කොවිඩ්-19 ආසාදිතයින් කිසිවකු වාර්තා නොවූ බවයි.

මේ අතර කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වන්නේ පසුගිය 07 වැනිදා වැලිකඩ බන්ධනාගාරයෙන් කොවිඩ්-19 ආසාදිතයා සොයා ගැනීමෙන් අනතුරුව බන්ධනාගාර රැදවියන් සහ එම නිලධාරීන් පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමු කරනු ලැබූ බවත් ඒ අනුව රැදවියන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට කොවිඩ්-19 ආසාදනය නොවී ඇති බව තහවුරු කරගනු ලැබූ බවත්ය.