කඳු නාය ගිහින් වැළලෙන්න යද්දීත් අඩු නොවූ වල් මනමාලකම!

Spread the love

බුලත්සිංහල – මහගම ප්‍රදේශයේ කන්දක් නාය යෑමෙන් නිවාස කිහිපයක් විනාශව 11 දෙනකු එකම තැන මිහිදන් විය. මේ කඳු නාය යෑමේ අනතුර අතර තරුණ බිරිය බේරා ගැනීම අතහැර සැමියා අසල්වැසි වෙනත් කාන්තාවක් බේරා ගැනීමට ගියා යැයි නිවාස දේපළ සියල්ල අහිමි තරුණ කතක් ඒ සියල්ලට වඩා සැමියා තමාට ආදරේ නැතැයි අවතැන් කඳවුරක පැවැති නඩුවක් භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු කිහිපදෙනකු දැඩි පරිශ්‍රමයක් දරා සමථයකට පත් කර ඇත.

නිවෙස නාය යන අවස්ථාවේ අතට අසුවන දේ රැගෙන තම පුතාවද රැගෙන අසල නිවෙසට ගිය තරුණ සැමියා පසුව විපතට පත් අසල්වාසීන් බේරා ගැනීමට ඉදිරිපත්ව ඇත. පැය ගණනක් පස් කඳු අතර දඟලා වෙනත් අයකුගේ පිහිටෙන් දිවි බේරාගෙන සැමියා සොයන විට ඔහු අසල්වාසී වෙනත් කාන්තාවක් විපතින් ගලවා ගන්නට වෙර දරන අයුරු බිරිය දැක ඇත.

තම බිරිය පළමුවෙන්ම දිවි බේරාගෙන ආරක්ෂිතව යාබද නිවෙසේ ඇතැයි සිතූ නිසා ඇය ගැන සොයා නොබැලූ බවත්, පසුව තමා අවට විපතට පත් අය ගලවා ගන්නට උත්සාහ කළ බවත් තරුණ සැමියා තම බිරියට කොතෙක් පහදා දුන්නද ඇය එය නොපිළිගෙන දිගින් දිගටම ආරවුල් ඇති කරගෙන තමා ආපසු සිය මවගේ ගම් පළාත වූ නුවරට යෑමට තීරණය කර ඇත.

අවතැන් කඳවුරක සිටි පිරිස හා අසල්වාසීන්, භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු කීපදෙනකු දින කිහිපයක් මේ කාන්තාවට කරුණු පැහැදිලි කර දීමෙන් පසු යළි සැමියා සමඟ දීග කෑමට එකඟ වුවත් නිතර – නිතර හිත් අමනාපයෙන් සිටින බව බුලත්සිංහල මහගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

[rns_reactions]