පසුගිය දින 4ක දක්වා කාලය තුළදී කලහකාරීව හැසිරුණ, ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට සමාජ ජාල ප්‍රකාශ සිදුකළ හා ඇඳිරි නීතිය කඩකළ සැකකරුවන් 110 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට පත් පිරිස් අතර තෙල්දෙණිය හා අවට ප්‍රදේශවල කලහකාරී සිද්ධි ඇති කිරීමට කටයුතු කළ පුද්ගලයන් 10 දෙනෙකුද සිටින බවත් තෙල්දෙණිය හා ඒ අවට ප්‍රදේශවල තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් තිබෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.