“කවුරු බන්ධනාගාර ගත කරත් ජම්පරේ අඳින්න ඕන”- බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

“කවුරු බන්ධනාගාර ගත කරත් ජම්පරේ අඳින්න ඕන”- බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක
Spread the love

භික්ෂුවක් සිරදඬුවම් ලැබුවොත් සිරකරුවන්ගේ ඇඳුම ඇඳිය යුතුමද යනුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලැබුණු දඬුවම නිසා මේ වෙද්දී රටේ තවත් නීති ප්‍රශ්නයක් ඇති වී අැත. 

උපසම්පදා භික්ෂුවකගේ සිවුර එසේ ගලවා ඉවත් කරන්න නොහැකි බව බොදු සේනාවේ හිමිවරු සඳහන් කරන අතර තම සංඝ සභාවේ අනුමැතියකින් තොරව ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන බලවත් අප්‍රසාදය පළකරන බව කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව අධිකරණ ඇමැතිවරයාට ලිපියක්‌ යොමු කර ඇත.

කෙසේ වුනත් රටේ නීතිය අනුව කවුරු සිරදඬුවම් ලබලා ආවත් සිරකරුවන්ගේ ඇඳුම අැඳිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. රටේ නීතිය අනුව සිරකරුවෙක්ට බන්ධනාගාරය ඇතුලේදී වෙනත් කිසිම ඇඳුමක් අඳින්න බෑ. ඒ නිසා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජම්පරය ඇඳීම නිත්‍යනුකූල බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

මේ අතර ඥනසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන බොදුබල සේනා සංවිධානයේ හා සිංහල රාවය සංවිධානයේ හිමිවරු ඊයේ මහානායක හිමිවරුන් දැනුවත් කරන ලද අතර මේ ගැන ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉදිරි දින කිහිපය තුළ ඒකාබද්ධ නිවේදනයක්‌ නිකුත් කිරීමට නියමිත බව අස්‌ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ සඳහන් කරන ලදී.