කාන්තාවන්ට නිතර නිතර ඇතිවන ලිංගිකාශ්රිත ප්රශ්න 13කට විද්යාත්මක හේතු පහත දැක්වෙනවා.
- ප්රශ්නය – යෝනි මාර්ගයෙන් ශ්රාවයන් පිටවීම සෑම විටම රෝග ලක්ෂණයක්ද ?
පිළිතුර – නැත. කාන්තාවන්ගේ ඔසප් චක්රය තුළ දී සිදුවන හෝර්මෝන වල වෙනස්කම් අනුව ඇතිවන ස්වාභාවික යෝනි ස්රාවයන් ඇත. මෙය ගදක් සුවදක් හෝ වර්ණයක් නොමැති, කැසීමක් ඇති නොකරන ස්රාවයකි. මෙම තරල ප්රමාණය ආර්තව චක්රය අනුව වෙනස් වේ. නමුත් මෙය රෝගී තත්ත්වයක් නොවේ. මෙහිදි සනීපාරක්ෂාව ඉතා වැදගත්වේ. යෝනි ස්රාවය සිරුරේ බර අඩුවීමට කිසිම විටෙක හේතු නොවේ. එසේ වුවද යම් අවස්ථාවක යෝනි ස්රාවයන් දුගද හමන සුළු, යම් වර්ණයකින් යුක්ත හෝ රුධිරය මිශ්ර වේනම් එය වහාම වෛද්ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයකි.
2. ප්රශ්නය – යෝනි මාර්ගයෙන් ශ්රාවයන් පිටවීම සෑම විටම රෝග ලක්ෂණයක්ද ?
පිළිතුර ඔව්. පැප් පරික්ෂණය මගින් ගැබ් ගෙලේ සෛල පිළිකාවක් බවට හැරීම ආරම්භ වන විටම ඒ බව හදුනා ගත හැකිය. එය මෙම තත්ත්වය පිළිකාවක් බවට හැරීම වැළැක්වීමට අවශ්ය පෙර සුදානම් වීමට ඔබේ වෛද්යවරයාට පහසු කරයි.
3. ප්රශ්නය – ස්ථුලතාවය මදසරුභාවය ඇති කිරීමට හේතුවෙක් වේද ?
පිළිතුර ඔව්. ස්ථුලතාවය හා මදසරුභාවය අතර සම්බන්ධතාවයක් ඇත.
4. ප්රශ්නය – ඔසප්වීම් දෙකක් අතරතුරේදී ඇතිවන බඩරිදීම ඇතිවන්නේ ඇයි ?
පිළිතුර සාමාන්යයෙන් ඔසප් චක්රයේ 14වන දිනයේ දී ඇතිවන ඩිම්බ පිටවීම මෙයට හේතුවේ.
5. ප්රශ්නය – වැඩිවිය පත්වීම (පළමු ඔසප්වීම) සාමාන්ය වයසට වඩා පසුව හෝ කලින් සිදුවීමට හේතුව කුමක්ද ?
පිළිතුර – මෙය බොහෝවිට ජාන මගින් තීරණය වන තත්ත්වයකි. එසේම වැඩිවිය පත්වන වයස සදහා ශරීරයේ ඇති ලිංගික හෝර්මෝන ද ක්‍රියාකාරිවීම ක්රියාකාරී වීම බලපායි. එනම් විවිධ හේතුන් නිසා මෙම හෝර්මෝන නිපදවීම පමා වුවහොත් වැඩිවිය පත්වීම ද පමාවේ. සාමාන්යෙයන් වැඩිවිය පත්වීම වයස අවුරුදු 11-13 අතර කාලයේදී සිදුවේ. නමුත් එය වයස 17ට වඩා පමාවේ නම් වෛද්යවරයෙකු හමුවිය යුතුවේ.
6. ප්රශ්නය – කුඩා ප්රමාණයේ පියයුරු වර්ධනය කර ගැනීමට ක්රමයක් තිබේද ?
පිළිතුර – පියයුරුවල ප්රමාණය උපතේ දීම තිරණය වන්නකි. පියයුරුවල ප්රමාණය වැඩි කිරීමට සමත් ඖෂධ හෝ ක්රීම් වර්ග නොමැත. අවශ්යනම් ප්ලාස්ටික් සැත්කමක් මගින් පියයුරුවල ප්රමාණය වෙනස් කරගත හැක. එසේම පියයුරු වල ප්රමාණය විවාහ ජිවිතය හෝ මවිකිරි දීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි.
7. ප්රශ්නය – වැඩිවිය පැමිණීමෙන් පසු ඊළග ඔසප්වීම මාස ගණනාවක් පමා විය හැකිය. මෙයට හේතුව කුමක්ද ?
පිළිතුර වැඩිවිය පත්වීමෙන් පසු ඩිම්බ පිටවීම හා ඩිම්බ කෝෂයේ ක්රියාකාරීත්වය නිසි පරිදි ක්රමවත්ව සිදුවීම ඇරඹීමට යම් කාලයක් ගත විය හැක.
8. ප්රශ්නය – අක්රමවත් ඔසප් චක්රයක් ඇතිවීමට හේතුව කුමක්ද ?
පිළිතුර ඔස්ප්වීම ඇතිවන්නේ ශරීරයේ හෝර්මෝන වෙනස්වීම් නිසාය. මෙය තරුණ කාලයේ බොහෝ දෙනෙකුට පොදු තත්ත්වයකි.
- මානසික ආතතිය
- දිගු කාලීනව පවතින රෝගාබාධ
- කාලගුණික වෙනස්වීම්
- හොර්මෝන මට්ටමේ වෙනස්කම් (ලිංගික හෝර්මෝන, තයිරොයිඩ් හොර්මෝන)
- සිරුරේ බරෙහි සිදුවන ක්ෂණික වෙනස්වීම් (බර අඩුවීම හෝ වැඩිවීම)
9. ප්රශ්නය – ඔසප්වීම ඇති වූ පළමු දිනයේදී ස්නානය කිරීම උචිත ද?
පිළිතුර මෙම දිනයේ දී ස්නානය කිරීම අහිතකර බවට කිසිදු විද්යාත්මක සාක්ෂියක් නොමැත. විශේෂයෙන් ම මේ දිනවල ද තම සනීපාරක්ෂාව පිළිබදව සැලකිලිමත්වීම ඉතා වැදගත්ය.
10. ප්රශ්නය – ඔසප්වීම ඇති දිනවල ලිංගික සම්බන්ධතා පැවැත්වීම උචිතද ?
පිළිතුර ඔබට එයින් අපහසුතාවයක් නොදැනේ නම් හෝ ඒ පිළිබද යම් අකැමැත්තක් නොමැති නම් එහි වරදක් නැත.
11. ඔසප්වීම ඇති දිනවල අන්නාසි, බීට්රූට් වැනි ආහාර ගැනීම අහිතකරද ?
පිළිතුර එවැනි ආහාර සීමා කිරීම් කිසිවක් අවශ්ය නොවේ.
12. ප්රශ්නය – ඔසප්වීම් දිනවලදී බහුලව ඇතිවන බඩරිදීම හා කොන්දේ වේදනාවට කළ හැක්කේ කුමක්ද ?
පිළිතුර මෙය කිසිසේත් බිය විය යුතු තත්ත්වයක් නොවේ. උණුසුම් දිය බදුනක් යටිබඩ ප්රදේශයේ තබාගෙන සිටීම හෝ පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් භාවිත කිරීම සහනය ගෙන දෙයි.
13. ලිගේන්ද්රියන් ආශ්රිතව සමේ ලප ඇතිවීමට හේතු මොනවාද ?
පිළිතුර මේ ප්රදේශයේ රෝම අධිකව තිබීම හෝ අධික ලෙස දහඩිය දැමීම බැක්ටීරියා ආසාදන ඇතිවීම පහසු කරවයි. එය සමේ ලප බිබිලි ආදිය ඇති කරයි. මේ නිසා පෞද්ගලික සනීපාරක්ෂාව හා කපු රෙද්දෙන් මැසූ යට ඇදුම් භාවිතය මෙවැනි තත්ත්ව වලින් මිදීමට ඔබට උපකාරි වෙයි.
happy Life ඇසුරිණි