කිරිවෙහෙර නාහිමිගේ ප්‍රතිකාර රජයේ වියදමින්

කිරිවෙහෙර නාහිමිගේ ප්‍රතිකාර රජයේ වියදමින්
Spread the love

වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් වැයවන සියලු වියදම් රජය මගින් දැරීමට තීරණය කළ බව බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට  පවසයි.
 
 උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලේ සිට කොළඹ පෞද්ගලික රෝහලකට ගුවනින් රැගෙන ඒම වෙනුවෙන් වියදම් වූ මුදල ද රජය මගින් ගෙවීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් ලක්‌ෂ 5 1/2 ක්‌ වැයවී ඇතැයිද ඇමැතිවරයා කීවේය.